ගෑස් සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම්දෙනවා.
ගෑස් හිඟයක් මවා පෑමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් ගෑස් තොග සඟවා තැබීමට කටයුතු කරන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඊයේ සහ අද දිනයේ ගෑස් නෞකා තුනක් දිවයිනට පැමිණ තිබෙන අතර හෙට සිට සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම් කටයුතු සිදුකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරනවා. හෙට දිනය වන විට සිලින්ඩර් 120,000ක් වෙළදපොළට නිකුත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි එම සමාගම වැඩි දුරටත් සදහන් කළේ.
The post ගෑස් ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment