යුක්රේනයේ රුසියා පාලන බලය යටතේ පවතින කර්සන් නගරයේ විදුලිබලය සම්පුර්ණයෙන් ඇණ හිට ඇති බව රුසියාව පවසනවා.
කාහව්කා ජල විදුලි බලාගාරය ඉලක්ක කර ගනිමින් යුක්රේන හමුදා එල්ල කල ප්‍රහාරයන්ගෙන් එම බලාගාරයට දැඩි හානි සිදුව ඇති අතර ඒ හේතුවෙනුයි විදුලිබලය ඇණ හිට ඇත්තේ.
යුක්රේන හමුදා කර්සන් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර ප්‍රහාරයන්ගෙන් නගරයේ යටිතල පහසුකම් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ජලය හා විදුලිය නොමැති වීම හේතුවෙන් නගර වැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි රුසියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. යුක්රේන ප්‍රහාර ත්‍රස්තවාදී හා කඩාකප්පල්කාරී ක්‍රියාවන් ලෙස කර්සන් නගරාධිපතිවරයා හඳුන්වනවා. නගරයට විදුලිබලය සැපයෙන අධි විදුලි රැහන් පද්ධති 03කට යුක්රේන ආරක්ෂක අංශ හානි සිදුකර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා. කර්සන් නගරයට යුක්රේන හමුදා ආසන්න වීමත් සමග නගරයේ පලායන ලෙස නගර වැසියන්ගෙන් රුසියා බලධාරීන් ඉල්ලා සිටියා. යුක්රේනයේ නව ස්වාධීන පළාත් 04ක් පසුගිය මාසයේ දී රුසියාව ප්‍රකාශයට පත්කල අතර ඉන් එක් පළාතක් ලෙස කර්සන් දැක්විය හැකියි.
The post රුසියා යුක්රේන ගැටුම දරුණු අතට appeared first on ITN News.
Post a Comment