Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි  

Add comments

COP-27 දේශගුණික විපර්යාස පිලිබද සමුළුවට සහභාගීවීම සදහා ඊජිප්තුව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවා. එමෙන්ම ජනාධිපතිවරයා තවත් ලෝක නායකයන් රැසක් ද හමුවුණා.

ලබන 18 වනදා දක්වා කොප් 27 දේශගුණික විපර්යාස පිලිබද සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂික් හිදී පැවැත් වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිලිබද සමුළුවේ කටයුතු සදහා ජනාධිපතිවරයා අද සහ හෙට දිනයන්හිදී සහභාගී වන අතර සමුළුව ඇමතීමට ද නියමිතයි. මීට සමගාමීව ජනාධිපතිවරයා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මුණගැසි සාකච්ඡා පවත්වා තිබෙනවා. එමෙන්ම රුවන්ඩා ජනාධිපති පෝල් කලාමා,  බාබඩෝස් අග්‍රාමාත්‍ය සැන්ඩ්‍රා මේසන් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ශර්මා මහතා ද මුණගැසි තිබෙනවා. මෙම සංචාරයට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිලිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙකු එක්ව සිටිනවා.

 

 

The post ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG