කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගැටුම හමුවේ එහි සිටි රැදවූවන් 50 දෙනෙකු පළාගොස් ඇති අතර ඉන් 35 දෙනෙකු අද උදෑසන වනවිට භාරවී තිබෙනවා.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
රැඳවියන් දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රීයේ ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහි දී ගැටුමට තවත් පිරිස් එක්වී ඇති අතර ගල් මුල් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථායේ තිබු භාණ්ඩ වලින්ද පහරදීම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම ගැටුම වර්ධනය වීමත් සමග එය පාලනය කිරිමට පොලිසිය හා හමුදාවේ විශේෂ කණ්ඩායම් කැඳවා තිබෙනවා. ගැටුම හමුවේ තුවාල ලැබු රැඳවියන් පස්දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරුණා. ගැටුම සිදුවන අතරතුර රැඳවියන් 50 දෙනෙකු පමණ පලා ගොස් ඇති අතර අද උදෑසන වන විට ඔවුන්ගෙන් 35 දෙනෙකුට අධික රැඳවියන් පිරිසක් භාර වී තිබෙනවා.
The post කන්දකාඩුවෙන් පැන්න 50න් 35ක් භාර වේ – 5ක් රෝහලේ 10ක් අතුරුදන් appeared first on ITN News.
Post a Comment