සංචාරක සමය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පසුගිය දින කිහිපයේ දී සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට සංචාරක කර්මාන්තයට පසුගිය වකවානුවේ දැඩි බලපෑමක් එල්ල වී තිබුණා. කෙසේ වුවද රට ක්රමානුකූලව යාථා තත්ත්වයට පත්වීමත් සමඟ සංචාරක ක්ෂේත්රයේ ද යම් පිබිදිමක් දක්නට ලැබෙනවා.
පසුගිය දින කිහිපයේ දී සංචාරකයින් සැලකිය යුතු පිරිසක් දිවයිනට පැමිණි ඇති අතර ඔවුන් විවිධ ප්රදේශවල සංචාරක හෝටල් කරා පැමිණ විනෝද වන අයුරු දැක ගත හැකියි.
රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් වයඹ වෙරළ තීරයට ද පැමිණමින් සිටින බව එම ප්රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා.
තමන් ඉතා කැමැත්තෙන් ශ්රී ලංකාවේ සංචාරයට එක් වු බවයි රුසියා සංචාරකයින් පවසන්නේ.
The post රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් වයඹ වෙරළ තීරයට appeared first on ITN News.
Post a Comment