ලෝකය, ගෝලීය දේශගුණික විපර්යාසයන් දෙසට අධිවේගයෙන් ගමන් කරමින් සිටින බවට ජගත් සංවිධාන ප්‍රධානියා අනතුරු අඟවනවා.
දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ දී ලොව සියලු වැසියන් එක්ව වැඩ කිරීම හෝ සාමුහිකව සියදිවි හානිකර ගැනීම තෝරා ගත යුතු බවයි එක්සත්ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කොප් 27 සමුළුට එක් වෙමින් සදහන් කලේ. වායු විමෝචනයට වගකිව යුතු ලොව ධනවත් රටවල්, ලොව දුප්පත් රටවලට ආධාර ලබා දීමට මෙම අවස්ථාවේදි ඉදිරිපත් විය යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. ලොව බලවත් රටවල ක්‍රියා හේතුවෙන් සමස්ත ලෝකයම උෂ්ණත්වය ඉහළ යාමට මුහුණ දිය සිටින බව ද ජගත් සංවිධාන ප්‍රධානියා පවසනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කාබන් විමෝචනයේ කාප්පාදුව හරහා දරුණු ආර්ථික අර්බුදයන්ට මුහුණ දීම වළක්වා ගැනීමට ප්‍රබල රටවල මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි ඔහු සදහන් කරන්නේ. ගංවතුර, නියං හා තාපතරංග හේතුවෙන් පකිස්තානය, නයිජිරීයාව, කෙන්යාව, සෝමාලියාව හා ඇමරිකාව යන රටවල මිනිස් ජිවිත දහස් ගණනක් මෙම වසරතුල දී පමණක් බිළිගෙන තිබෙනවා. සිදුව ඇති හානිය ඇමරිකා ඩොලර් බිලියන දහස් ගණනක් බවයි ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ.
The post ලෝකය, ගෝලීය දේශගුණික විපර්යාසයන් දෙසට අධිවේගයෙන් ගමන් කරමින් සිටිනවා appeared first on ITN News.
Post a Comment