ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් තහනම් වල්නාශක තොගයක් කල්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය ආලන්කුඩාව ප්රදේශයේ දි මෙම වල්නාශක තොගය අත්අඩංගුවට ගත් බවයි නොරොච්චෝලේ පොලිසිය පවසන්නේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මෙම තහනම් වල්නාශක තොගය නිවෙසක සඟවා වෙනත් ස්ථාන කරා ප්රවාහනය කිරීමට සුදානම් කර තිබුණා. කැබ් රථයකින් මෙම වල්නාශක ප්රවාහනය කිරීමට සුදානම් වු අවස්ථාවේදි පොලසිය වැටලීම සිදු කෙලේ. එම අවස්ථාවේ රියදුරු පලා ගිය අතර කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇසුරුම් 1170ක් ලෙස අසුරා තිබු මෙම වල්නාශක අධික මිලකට අලෙවි කිරීමට සැලසුම්කර තිබු බව මුලික පරීක්ෂණවලදි හෙළි වුණා. නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් ධර්මකුමාර මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ෂණ ක්රියාත්මකයි.
The post තහනම් වල්නාශක තොගයක් කල්පිටියේ දී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment