ඊයේ පැවති ඇමරිකාවේ අන්තර්කාලීන මැතිවරණයේ ප්‍රතිපල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.
දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ 02ක කරට කර තරඟයක නිරත වී සිටිනා ආකාරය දැකිය හැකියි.
කෙසේ වුවද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරබලය රිපබ්ලිකන් පක්ෂය හිමිවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පල කරනවා.
දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව සෙනට් මණ්ඩලයේ ආසන 40ක බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇති අතර රිපබ්ලකන් පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 41ක්.
එමෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් ආසන 137ක බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 79ක බලය පමණයි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනට් මණ්ඩලයේ එකතුවෙන් ගොඩ නැගෙන කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට අහිමිවුවහොත් ජනාධිපති ජෝ බයිඩින්ගේ ඉතිරි වසර දෙකක ධුර කාලය දැඩි අර්බුධකාරී තත්ත්වයකට ඇද වැටෙනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළකරනවා.
The post ඇමරිකා අන්තර්කාලීන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙයි appeared first on ITN News.
Post a Comment