රිච්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයකින් නේපාලයට බලපෑම් එල්ල වී තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නේපාල භූ කම්පන විද්‍යාත්මක ම්‍යස්ථානය නිවේදනය කරන්නේ.
නිවසක් කඩා වැටීමෙන් එම පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය පැය 24 තුලදී නේපාලයට සුළු සෙලවීම් තුනක් භූ කම්පන දෙකක් හා පසු කම්පනයක් සිදුව ඇති බවද සඳහන්.
බටහිර නේපාලයේ ඩෝටි දිස්ත්‍රික්කයටයි භූ කම්පනයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් දහයක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව නේපාල භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.
භූ කම්පනය ඉන්දියාවේ නවදිල්ලි නගරයටත් බලපා ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
The post නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් – 6 දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment