නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන එකසිය තිස් හතකට අධික බවයි නාවික හමුදාව පවසන්නේ.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ් දූපතට ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහිදී ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.ඔවුන් මණ්ඩතිව් සහ නාච්චිකුඩා ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් හා ගංජා තොගය වැඩිදුර විමර්ශන සදහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.
මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් පන්දහස් හාරසිය හැත්තෑ නවයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දළ වටිනාකම රුපියල් මිලියන එක්දහස් හයසිය හතළිස් තුනකට අධිකයි.
The post උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment