උතුරු මැද පළාත් ක්‍රීඩා සැලසුම් පිළිබඳ සාකච්ඡාවට එක්වීම සදහා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුලු නිලධාරීන් දුම්රියෙන් අනුරාධපුරයට පැමිණියා. ඉන්ධන අර්බුදය හා පවත්නා ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමිනුයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.
ජාතික ක්‍රිඩා සැලැස්මට සමගාමීව උතුරු මැද පළාත් තරුණ හා ක්‍රීඩා සැලැස්ම පිළිබඳ සාකච්ඡාව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා හා නිලධාරි කණ්ඩායම කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා දුම්රියෙන් අනුරාධපුරයට පැමිණියා.
The post රාජකාරී කටයුතුවලට දුම්රියෙන් අනුරාධපුරයට ගිය ක්‍රීඩා ඇමති appeared first on ITN News.
Post a Comment