ඇමෙරිකාවේ මෙටා සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදු කිරීමට සූදානම් වනවා.
ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාගම්වල මව් සමාගම ලෙසයි මෙටා සමාගම හැදින්වෙන්නේ. සේවක කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අද නිවේදනය කිරීමට නියමිතයි.
ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වාර්ෂික ආදායම පහළ යාම හේතුවෙන් වියදම් පාලනය කිරීමට මෙම රැකියා කප්පාදුව සිදු කෙරෙන බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරනවා.
සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 10 ක පමණ පිරිසක් ඉවත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
ෆේස්බුක් සමාගම ආරම්භයේ සිට මේ දක්වා නිවේදනය කළ දැවැන්තම සේවක කප්පාදුව මෙය ලෙසද හැදින්වෙනවා.
වියදම් කප්පාදුව හා ආයතන ප්‍රතිව්‍යුගත කිරීම යටතේ රැකියා කප්පාදුවක් සිදු කරන බවට පසුගිය සැප්තැම්බර් මාසයේදී මාර්ක් සකර්බර්ග් නිවේදනය කළා.
The post මෙටා සමාගම දැවැන්ත රැකියා කප්පාදුවකට සූදානම් appeared first on ITN News.
Post a Comment