ඉන්දියාව අඛණ්ඩව රුසියාවෙන් ඛණිජ තෙල් මිලදී ගැනිම සිදු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් පවසනවා.
රුසියාව ස්ථාවර හා විශ්වාසවන්ත කොටස්කරුවෙකු බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝෆ් සමඟ ඊයේ මොස්කව් අගනුවර දී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ.
ඇමරිකාව ප්‍රමුඛ යුක්රේන හිතවාදී රටවල් රුසියාවෙන් ඛණිජ තෙල් මිල දී ගැනිම අත්හිටුවා ඇති මොහොතක ඉන්දියාව අඛණ්ඩව රුසියාවෙන් ඛණිජ තෙල් මිල දී ගැනිම විශේෂත්වයක්. සාකච්ඡා අතුරතුර දි කෘෂිකර්මානත්ය, ඛණිජ තෙල් හා ස්වභාවික ගෑස්, වරාය හා වෙළද ප්‍රවාහන, රසායනික ද්‍රව්‍ය හා පොහොර මෙන්ම වෙළද කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
The post ඉන්දියාව රුසියාවෙන් ඛණිජ තෙල් මිලදී ගැනීම අඛණ්ඩව – ඉන්දීය විදේශ ඇමති appeared first on ITN News.
Post a Comment