Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් පොපිමල්වලින් පිදුම් ලබයි  

Add comments

පොපිමල් දින සැමරුම විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි පැවැත්වුණා. පළමු ලෝක යුධ සමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරිම හා ඔවුන්ට ගෞරව  දැක්වීම වෙනුවෙනුයි මෙය සංවිධාන කෙරෙන්නේ.

1914 වසරේ ජූලි මස 28වන දින සිට 2018 වසරේ නොවැම්බර් පළමුවනදා දක්වා පැවති පළමු ලෝක යුද්ධයේ දි මිය ගිය සන්නද්ධ හමුදා සාමාජිකයින් සිහි කිරිමේ දිනය ලෙස නොවැම්බර් 14වන දා නම්කර තිබෙනවා. එහි පළමු සැමරුම නොවැම්බර් මස 11වනදා පැවැත්වුණේ බකින්හැම් මාළිගා පාරිශ්‍රයේදියි.

මෙලෙස ආරම්භ වුනු පොපිමල් දින සැමරුම ශ්‍රී ලංකා සේවාමුක්ත බට සංගමය හා සන්නද්ධ සේවාවන් එක්ව වාර්ෂිකව සමරනු ලබනවා. මෙවර සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතායි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිෂාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, සේවා මුක්ත බට සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උපුල් පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එහිදි පුෂ්පඋපහාර දැක්වීමට එක්වුණා.

 

The post රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් පොපිමල්වලින් පිදුම් ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG