අම්පාර මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි ජලාශයේ මිරිදිය ධීවර තොටුපොලකට පැමිණි පිරිසක් එහි ධීවරයින්ට පහරදී ධීවර වාඩි 27 කට සහ ඔරු නවයකට ගිනි තබා පලාගොස් තිබෙනවා. මේ සදහා සියයකට වැඩි පිරිසක් පැමිණ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
පහර කෑමෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ධිවර සමිති කීපයක ගැටලුවක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. ගැටලුව විසදීම සදහා ඉද්දපොල වනජීවී නිලධාරියා සහ වනජීවී ව්‍යාපෘති නිලධාරියා එම ස්ථානයට ගොස් තිබුණා. එම අවස්ථාවේ යකඩ පොලු මුගුරු සහිතව පැමිණි පිරිස ධිවර තොටුපොල වටකර එහි සිටි පිරිසට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. මහ ඔය පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.
The post මාදුරු ඔයේ ධීවර කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් – 14 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment