ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස හඳුන්වනු ලැබු ශ්‍යාම් සරන් නෙගී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු පැවැත්වු පළමු මහ මැතිවරණය පැවැත් වු විට ඡන්දය ප්‍රකාශ කළ පළමු පුද්ගලයා ශ්‍යාම් සරන් නෙගී ලෙසයි සැලකෙන්නේ. එතැන් සිට ඉන්දියාවේ පැවැත්වු සෑම මැතිවරණයකටම ඔහු ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ මරණයට දින තුනකට පෙර හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සභා මැතිවරණයට ද ඔහු ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ලෙස සැලකෙන ශ්‍යාම් සරන් නෙගී මිය යන විට වයස අවුරුදු 105 වියේහි පසුවුණා. ඔහුගේ දේහයේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව සිදු කෙරුණා.
The post ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා මියයයි appeared first on ITN News.
Post a Comment