රාජ්‍ය පරිපාලන සේවයේ රාජ්‍ය නිලධාරියෙකු වු උපාලි මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.
අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙස කටයුතු කල උපාලි මාරසිංහ මහතා එම අමාත්‍යාංශ තුලින් උපරිම සේවාවක් ජනතාවට ලබා දීමට කැපවී කටයුතු කළා. අධ්‍යාපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම් ලෙස ඔහු කටයුතු කලා.
ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ධුරය දරමින් ඵලදායීතාව පිළිබඳ රාජ්‍ය සේවකයන් අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට ඔහු කල සේවය ඉමහත්. රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වු උපාලි මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වුයේ කැනඩාවේදියි.
The post පරිපාලන සේවයේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වු උපාලි මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment