ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ධුර කාලයේ ජනප්‍රියත්වය මැන බැලීමේ අතරමැදි ඡන්ද විමසීම ලබන 8 වනදා පැවැත්වෙනවා.
ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඩිමොක්රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේ වන විට ප්රචාරක ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. තම පාලනයට එරෙහිව ඇතැම් කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාර සහ භීෂණකාරී ක්‍රියා නිසා ප්රජාතන්ත්රවාදය බිද වැටීමේ අවදානමක් පවතින බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළදී රටේ ආර්ථිකය බිද වැටීම සහ ජීවන වියදම ඉහළයාම බයිඩ්න්ගේ ජනප්‍රියත්වය අඩුවීමට හේතු වුණා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන්කර ඇත්තේ 2020 ජනාධිපතිවරණයෙන් බයිඩ්න් ලැබූ ජයග්‍රහණය දෝෂ සහගත බවයි.
The post බයිඩ්න්ගේ ධුර කාලයේ ජනප්‍රියත්වය මැන බැලීමේ ඡන්ද විමසීම ලබන 8 වනදා appeared first on ITN News.
Post a Comment