තුර්කියේ ස්ථාන්බුල් අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුර්කියේ ස්ථාන්බුල් අගනුවර ජනාකීර්ණ මාර්ගයක ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගියා. තවත් පුද්ගලයින් 81 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවන බව තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් පවසනවා. තුර්කියා තුළ ත්‍රස්තවාදය වැපිරීමේ උත්සාහයක පෙර නිමිති දක්නට ලැබෙන බවටයි ජනාධිපතිවරයා අනතුරු අගවන්නේ. ප්‍ර දේශයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර ප්‍රහාරයේ වගකීම මේ වනතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ.
The post තුර්කියේ ස්ථාන්බුල් අගනුවර සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment