ලොව පුරා රටවලින් වාර්තා වන සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 64 ඉක්මවා තිබෙනවා.
ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ දස දහසකට අධිකයි . සිදුව ඇති මරණ සංඛ්‍යාව 363 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව හැත්තෑ දහසකට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 48,000 ක්, ප්‍රංශයෙන් 27000 ක් හා තායිවානයෙන් 18,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 67 වාර්තා වන්නේද ජපානයෙන්. ඒ සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහය ලක්ෂ පහලොස් දහස ඉක්මවා ගියා.
The post ලොව පුරා කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව කෝටි 64 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment