හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඝාතන තැතට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රතික්ෂේප කරනවා.
මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් නුවර දක්වා විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ අතරතුරදී ඉම්රාන් ඛාන් ඇතුළු පිරිසට වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. වෙඩි ප්‍රහාරයෙන් පසු පළමු වරට මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් ඔහු සඳහන් කළේ තමන් ඝාතනය කිරිමට තැත් කිරීමේ උත්සාහය පිටුපස පුද්ගලයන් තුන්දෙනෙකු සිටින බවයි. තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව වර්තමාන අග්‍රාමාත්‍යවරයාද මෙම පිරිස සමඟ සිටින බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව සාක්ෂියක් හමුවුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ අධිකරණ කොමිසමක් පිහිටුවන ලෙස ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් ද සිදු කළා.
The post ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පාකිස්ථාන අගමැති ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment