ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබද සමුළුවට සහභාගී විම සදහායි.
දේශගුණ විපර්යාස පිළිබද එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතින්ගේ පාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ දි ආරම්භ වන්නේ ලබන 11 වනදායි. ෂාර්ම් අල් ෂෙයික් ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ලබන 18 වනදා දක්වා සමුළුව පැවැත්වීමට නියමිතයි. ඒ සදහා සහභාගී විමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලා.
The post ජනපති ඊජිප්තුව බලා පිටත්ව යයි appeared first on ITN News.
Post a Comment