Nov
18
ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබෙනවා.
ඉරානයේ කොමීන් නම් නගරයේ අයතුල්ලා කොමේනිගේ මෙම නිවස පිහිටා තිබෙනවා. නිවස ගිනි ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. මෙම නිවස පසුගිය කාලය තුළ දී කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ. මාෂා අම්නි නම් තරුණියක පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමඟ පසුගිය කාලය තුළ දී ඉරානය තුළ විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා.
The post ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි appeared first on ITN News.
Post a Comment