Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය අද  

Add comments

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත මෙම තරගයේ වැඩි වාසි එංගලන්තයට හිමිවනු ඇති බවටයි විචාරකයන් මේ වනවිටත් මත පළ කර තිබෙන්නේ. නමුත් පාකිස්තාන පන්දු යවන්නන්ගේ බලැනිය ශක්තිමත් බවයි විචාරකයින් සදහන් ක‌ළේ. එංගලන්තය ප්‍රබල ඉන්දියාව පහසුවෙන් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර පාකිස්තානය අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා නොකළ එංගලන්තයේ මාර්ක් වුඩ් හා ඩේවිඩ් මලාන් බොහෝ විට අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. පාකිස්තානය අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට එක්වනු ඇති. විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ පාකිස්තානය එක්වරක් ශූරතාව හිමිකර ගත්තා. ඒ 2009 වසරේදී ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්කරමින්. එංගලන්තයද එක්වරක් ශූරතාව හිමිකරගෙන තිබෙනවා. ඒ 2010 වසරේදී ඕස්ට්‍රේලියාව අනුශූරයන් බවට පත් කරමින්.

අද තරගයේ ප්‍රධාන තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ මහතා ක්‍රියා කරන අතර පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේන මහතා ක්‍රියා කිරීම විශේෂත්වයක්.

 

 

The post විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG