උතුරු කොරියා මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනය සහ රුසියාව අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බලවත් විරෝධයක් මතු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය ඔස්සේ උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට චීනය සහ රුසියාව අකුල් හෙලන බවටයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරන්නේ. ඊයේ දිනයේදී ආරක්ෂක මණ්ඩලය රැස් වුවද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නොහැකි වුණා.
The post උතුරු කොරියා මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් මතභේදකාරී තත්වයක් appeared first on ITN News.
Post a Comment