ජර්මානු චාන්සලර් ඔලෆ් ෂොල්ස් චීනයේ සංචාරයක නිරතවී සිටිනවා.
යුරෝපීය නායකයන් චීනයතුළ සංචාරය කිරීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බැවින් මෙය රාජ්ය තාන්ත්රික වශයෙන් ඉතා වැදගත් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. ජී හත කණ්ඩායමට අයත් රටක නායකයෙකු කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව ද මෙයයි.
ජර්මන් චාන්සලර්වරයා සහ චීන ජනාධිපති ක්ෂි ජින් පින්ග් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. දෙරටට බලපාන ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
The post ජර්මානු චාන්සලර් චීනයේ සංචාරයක නිරතවී සිටිනවා appeared first on ITN News.
Post a Comment