රුසියාව බලශක්ති ත්රස්තවාදයක නිරත වී සිටින බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
යුක්රේනයේ විදුලි බල පද්ධතියට රුසියාව එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් ලක්ෂ 45කට පමණ විදුලි බලය අහිමි වී ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ. රුසියා විසින් පසුගිය සති කිහිපයේ දී යුක්රේන විදුලි බලාගාර කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
දකුනු දිග කෙර්සන් ප්‍රදේශයෙන් රුසියා හමුදා පසු බැසීමත් සමග මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ වන විට රුසියා හමුදා එල්ල කළ ප්‍රහාරවලින් යුක්රේනයේ විදුලි සැපයුම් පද්ධතියෙන් තුනෙන් එකක් පමණ විනාශ වී තිබෙනවා.
The post රුසියාවට යුක්රේනයෙන් තවත් චෝදනාවක් appeared first on ITN News.
Post a Comment