පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඝාතනය කිරිම තමන්ගේ එකම අරමුණ වු බව ඔහුට වෙඩි තැබිම සිදුකල තුවක්කුකරු පාපෝච්චාරනය කර තිබෙනවා.
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුලු විරෝධතා පා ගමනට එක්වු පිරිසකට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පාපෝච්චාරනයක් සිදු කල විඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙම විඩියෝව අන්තර් ජාලයට නිකුත් වීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරිම පාකිස්ථාන බලධාරීන් පියවර ගත්තා.
තම එකම අරමුණ වුයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරිම බවයි සැකකරු මෙම විඩියෝවේ සඳහන් කරන්නේ. තමන් තනිවම යතුරු පැදියක නැගී පැමිණ මෙම ක්‍රියාව සිදු කර බවත් එයට වෙනත් පාර්ශවයකින් සහයෝගයක් නොලැබුණු බවත් තුවක්කුකරු සඳහන් කර තිබෙනවා.
ජනතාවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වැරදි මඟක ගෙනයාම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට අවශ්‍ය බවයි සැකකරු පැවසුවේ. මේ අතර ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලැබුවා. ඉම්රාන් ඛාන්ගේ එක් ආධාරකරුවෙකු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉම්රාන් ඛාන් මේ වන විට ලාහෝර් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මහ මැතිවරණයක් වහා කැදවන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් නුවර දක්වා මෙම විරෝධතා පාගමන සංවිධාන කර තිබුණා.
The post ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ තුවක්කුකරු පාපෝච්චාරනය කරයි appeared first on ITN News.
Post a Comment