සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් මගින් අඩු කළ මිලට එම භාණ්ඩ ලබා ගත හැකියි.
මේ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 17කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 398 ක්. පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 96 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 279 ක්.
හාල්මැස්සන් කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් එක්දහස් තුන්සියයක් වන අතර එය රුපියල් 200 කින් අඩු කර තිබෙනවා. ග්‍රෑම් 225 දේශීය ටින් මාළු ටින් එකක නව මිල රුපියල් 585 ක් වනවා. එය රුපියල් 105 කින්අඩු කර තිබෙනවා.
සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 22 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් දෙසිය තිස් අටක් බවයි ලංකා සතොස ආයතනය පවසන්නේ.
The post අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අඩු කෙරේ appeared first on ITN News.
Post a Comment