මෙම සතිය තුළ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන මිල අඩුවේයැයි සිතා ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන සදහා ඇණවුම් නොකිරීමෙන් පිරවුම්හල් අසල පෝලිම් ඇති වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ එල්අයිඕසී සමාගම සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ඉන්ධන මිල සූත්‍රයට අනුව සාමාන්‍යෙයන් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සළකා බැලෙනවා.
මෙම මිල සංශෝධනයේදී මිල අඩුවේයැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ලබාගැනීම සදහා ඇණවුම් ලබා නොදීම හේතුවෙන් ඉන්ධන හිගයක් ඇති වීමට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අවශ්‍ය තරම් ඉන්ධන ඇති බැවින් ඉන්ධන තොග ලබාගන්නා ලෙස අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
The post මේ සතිය තුළදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment