Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

ලොව පුරා රටවල් රැසක ජනතාව නව වසර උදාව අතිඋත්කර්ෂවත්ව සමරයි  

0 comments

2023 නව අවුරුදු උදාව ලොව පුරා රටවල් රැසක ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් පිළිගත්තා. කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් නව වසර උදාව සැමරීමට නොහැකි වු ලෝකවාසී ජනතාව මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා.  නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් 2023 නව වසර පළමුව පිළිගත්තා. ලන්ඩන් නුවරට ලක්ෂයකට වැඩි පිරිසක් නව අවුරුදු උදාවේ ගිණිකෙළි සංදර්ශන දැක බලා ගැනීමට පැමිණ සිටියා. කෙන්යාව,  උගන්ඩාව, ඊජීප්තුව, ඇතුලු නැගෙනහිර...
Read More »

Dec 31

16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි  

0 comments

16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන පස් වනදා සිදු කිරීමට නියමිතයි. වසර 598කට පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පාප් වහන්සේ නමක් ලෙසටයි උන්වහන්සේ ඉතිහාසයට එක්ව තිබෙන්නේ. *ඩබ්**විසිආර්* දීර්ඝ කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ 16වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට 95 හැවිරිදි වියේ පසුවුනා. වතිකානයේ සිය වාසස්ථානයේදී උන් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. 2013 වසරේදී 16 වන බෙනඩික්...
Read More »

Dec 31

ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් රැඳවුම් භාරයට  

0 comments

ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් දින 30ක රැදවුම් භාරයට යොමුකර තිබෙනවා. ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඇන්ඩෘෘ ටේට් ප්‍රසිද්ධව ඇත්තේ අන්තර්ජාලය තුළ විශේෂ මත පළකරන්නෙක් වශයෙනුයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඇන්ඩෘෘ ටේට් අත්අඩංගුවට ගැනුණේ මිනිස් වෙළදාම සහ අපචාර ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි. රුමේනියා පොලිසිය ප්‍රකාශ කරන්නේ ඇන්ඩෘෘ ටේට් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි ඇති බවයි.       The...
Read More »

Dec 31

දිල්ලි ප්‍රාන්ත රජය ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස දන්වයි  

0 comments

දිල්ලි ප්‍රාන්ත රජය ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස දන්වා තිබෙනවා. දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යාම මේ තත්ත්වයට හේතුවී තිබෙනවා. ඊයේ දිනයේ දිල්ලි අගනුවර වායු ගුණාත්මක දර්ශකය 399 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් දිල්ලියේ ගල් අගුරු ඇතුළු අනුමත නොකළ ඉන්ධන භාවිතා කරන කර්මාන්ත ශාලා වසා දමන ලෙසත් එසේ වසා නොදමන කර්මාන්ත ශාලාවලට විරුද්ධව ඉහළ දඩ මුදලක් පැනවීමට ද දිල්ලි ප්‍රාන්ත රජය කටයුතු කළා. වායු දූෂණය අවම කර ගැනීම සදහා දිල්ලියට...
Read More »

Dec 30

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල 3ක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවා. කිලෝමීටර් 350ක දුරක් ගමන් කළ හැකි මෙම මිසයිල තුළින් විශාල ප්‍ර දේශයක් ආවරණය කෙරෙනවා. මේ අනුව උතුරු කොරියාව 2022 වසර වැඩිම මිසයිල තොගයක් අත්හදා බැලූ වසර ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. එමෙන්ම ඊයේ අත්හදා බැලූ මිසයිල පතිතවන ආකාරය දකුණු කොරියාවේ හා ජපානයේ ආරක්ෂක අංශ නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව මෙම අත්හදා බැලීම් දකුණු කොරියාව හා ජපානය දැඩි ලෙස හෙලාදුටුවා.         The...
Read More »

Dec 30

ගැමුණුගේ බල රංගනය එළිදැක්වේ (Photos)  

0 comments

අතීත, වර්ථමාන, අනාගත හා සමාජීය දේශපාලන කරුණු අලලා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් රචිත බල රංගනය 3 පොත දොරට වැඩීමේ උත්සවය අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පාහියංගල ආනන්ද සාගර හිමි, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ...
Read More »

Dec 30

අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිරදඬුවමක්  

0 comments

මියන්මාර හමුදා අධිකරණය හිටපු මියන්මාර නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිරදඬුවම් නියම කළා. ඒ අනුව ඇයගේ සිර දඬුවම් විදිම සමස්ත කාලය වසර තිස්තුනක් වනවා. 2021 වසරේ පෙබරවාරි මාසයේදී අවු සාන් සුකීගේ රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළාදැමීම සිදුවුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ අවුසාන් සුකී එහිදී නිවාස අඩස්සියට පත්වුණා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇයව නිදහස් කරන ලෙස පසුගිය සතියේ ඉල්ලා සිටියා. එහෙත් හමුදා රජය අවුන්සාන් සුකිට...
Read More »

Dec 30

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකට ලක්වෙයි  

0 comments

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. නවදිල්ලිය බලා යන අතරතුරයි ඔහු මෙසේ අනතුරට ලක්වුණේ. ඔහුගේ මෝටර් රථය ගිනි ගෙන විනාශ වුණා. බරපතල තුවාල ලැබූ රිෂාබ් ප්ලාස්ටික් සැත්කමකට ද භාජනය කර ඇති බවයි වාර්තා වුණේ. ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. The post ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකට ලක්වෙයි appeared first on ITN News...
Read More »

Dec 29

ඉන්දීය අගමැති මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මව වන හිරන් බෙන් මෝදි මිය යනවිට 99 වන වියේ පසුවුණා. බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය මියගියේ. නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ මව එකම ස්ථානයක සිටින ආකාරය අවසන් වරට දක්නට ලැබුණේ පසුගිය 4 වනදා පැවති ගුජරාට් ප්‍රාන්ත මැතිවරණ අවස්ථාටවේදීයි. මෙම අභාවය සම්බන්ධයෙන් ලොව පුරා නායකයින් රැසක්ම ශෝකය පළකර තිබෙනවා. ඇය ධාර්මික හා සරළ දිවි...
Read More »

Dec 29

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 18 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් දහඅටදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උස්බෙකිස්තානය නිවේදනය කරනවා. මියගිය ළමුන් පානය කළ කැස්ස සිරප්වල විෂ රසායන අඩංගු බව රසායනාගාර පරීක්ෂන වලින් හෙළිව තිබෙනවා. එමෙන්ම එම ළමුන්ට වෛද්‍ය නිර්දේශකයකින් තොරව මෙම සිරප් ලබා දි ඇති බවයි  උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. නිර්දේශිත මාත්‍රාව ඉක්මවා ළමුන්ට ලබා දි ඇති බවද අනාවරණය වි තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිත එම සිරප්...
Read More »

Dec 29

කාම්බෝජියාවේ කැසිනෝ ශාලාවක හටගත් ගින්නකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

කාම්බෝජියාවේ කැසිනෝ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කාම්බෝජියා, තායිලන්ත දේශසිමාව ආසන්නයේ පිහිටා ඇති කැසිනෝ ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ. අනතුරෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගින්න හට ගන්නා අවස්ථාවේ පුද්ගලයින් 400 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ රැදී සිටි බවයි පොලිසිය සදහන් කරන්නේ. ගින්න හට ගැනීමත් සමග එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයන්ගෙන් පුද්ගලයින් බිමට පණින ආකාරය දැක්වෙන විඩීයෝ...
Read More »

Dec 29

බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවය ජනතා අයිතියට  

0 comments

බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවය ජනතා අයිතියට පත් කෙරුණා. ජපානයේ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ පළමු අදියරයි මෙලෙස විවෘත කෙරුණේ. මෙට්‍රෝ දුම්රිය සේවය හරහා ඩකා නගරයේ මිලියන 20කට අධික ජනතාවගේ ගමනාගමන කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව හිමිවන බව එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා. එමෙන්ම එය රටට ආඩම්බරයක් බවද ඇය සදහන් කරනවා. සෑම මෙට්‍රෝ දුම්රියකම කාන්තාවන් සදහා වෙන් වු මැදිරියක් පවතින අතර පළමු ගමන්වාරයේ රියදුරු ලෙස කටයුතු...
Read More »

Dec 29

මධ්‍යම චීනයේ ෂෙන්ග්ෂු නගරයේ රථවාහන 200ක් පමණ එකිනෙක ගැටෙයි  

0 comments

මධ්‍යම චීනයේ ෂෙන්ග්ෂු නගරයේ මහාමාර්ගයක රථවාහන දෙසියකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා. එම ප්‍රදේශයට බලපා තිබු ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. අනතුරෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. රථවාහන එකිනෙක ගැටීමත් සමග මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඝන මීදුම හේතුවෙන් රථ වාහනවල ගමන් කිරිමේ දි මීටර...
Read More »

Dec 28

චීනයේ සිට පැමිණෙන සියලු විදේශිකයින්ට ඇමෙරිකාව PCR අනිවාර්ය කරයි  

0 comments

චීනයේ සිට පැමිණෙන සියලු විදේශකයින් ඇමෙරිකාට ඇතුලුවීමේදි කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු කල යුතු බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. කොරෝනා වෛරසය චීනය තුළ සිඝ්‍රයෙන් ව්‍යාපත්වීමත් සමගයි ඇමෙරිකාව නව නීති පනවා ඇත්තේ. ඒ අනුව චීනයේ සිට පැමිණෙන සියලු විදේශකයින් කොරෝනා වෛරස ආසාධිතභාවය පරීක්ෂා කරන පී සී ආර් පරීක්ෂණය  සිදු කිරීම අනිවාර්ය වෙනවා. එමෙන්ම ඉතාලිය ජපානය,මැලේසියාව, තායිවානය හා ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට නව නීති...
Read More »

Dec 28

ජපානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට  

0 comments

ජපානයේ දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාධිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්ෂ දහසයදහසකට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් අසූහත්දහසක් / ඇමෙරිකාවෙන් තිස්හයදහසක් හා බ්‍රසීලයෙන් තිස්හත්දහස් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේ දි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ද ජපානයේ. ගතවු පැය 24ට එරටින් වාර්තා වන කොරෝනා මරණ 415ක් සමග ලොව සමස්ත කොරෝනා මරණ...
Read More »

Dec 28

රුසියානු කෝටිපති ව්‍යාපාරික පවෙල් ඇන්ටෝව් සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට  

0 comments

රුසියානු කෝටිපති වෙළෙද ව්‍යාපාරිකයෙක් වන පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් ලෙසයි ඔහු සැලකෙන්නේ. පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ ඔඩීෂා හෝටලයක දෙවැනි මහලෙන් බිමට වැටී ඇති බවයි ඉන්දීය පොලීසිය සදහන් කරන්නේ. ඔහු සමග ඉන්දියාවේ සංචාරයට එක්ව සිටි ඔහුගේ මිතුරාද ඊට දින දෙකකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබුණා. පසුගිය කාලයේ දී රුසියා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පවෙල් ඇන්ටෝව් විවේචනය කිරීම...
Read More »

Dec 28

තමන්ට එරෙහි මිල සීමාවන්ට එකඟ වූ රටවලට තෙල් නොදීමට රුසියාව දැඩි තීරණයක  

0 comments

රුසියාවට එරෙහිව බොර තෙල් හා ස්වභාවික ගෑස් සඳහා පැනවූ මිල සීමාවට එකඟවූ රටවල් සහ සමාගම් සඳහා තෙල් අලෙවි නොකිරීම රුසියාව තීරණය කර තිබෙනවා. ජී7 රටවල් , බටහිර රටවල් සහ යුරෝපා සංගමය රුසියාවේ බොර තෙල් බැරලයක් සඳහා ඩොලර් 60ක මිල සීමාවක් පනවනු ලැබුවා. කෙසේ වෙතත් රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ පෙබරවාරි පලමුවනදා සිට ජූලි පළමුවනදා දක්වා මාස 5 ක කාලයක් බොරතෙල් නිකුත් නොකරන බවයි. කෙසේ වෙතත් තහනමට යටත්ව රුසියා ජනාධිපතිවරයාගේ විශේෂ අවසරයක්...
Read More »

Dec 27

ඌව පරණගම ඉඩමක තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ  

0 comments

ඌව පරණගම අඹගස්දෝව උමා ඇළ ප්‍රදේශයේ ඉඩමක තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඌව පරණගම උමා ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි විශ්‍රාමික තැපැල් සේවකයෙක්. මොහු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර නිවසේ නොදුටු නිසා අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බලා තිබෙනවා. එහිදීයි ඔහු අදාළ ඉඩමේ වැටී සිටිනු දැක ඇත්තේ. මියගිය පුද්ගලයාගේ කණ පිටුපස තුවාල සිදුව ඇති බව දැකගැනීමට හැකි වුණා. මෙම සැකකටයුතු මරණය පිළිබද අඹගස්දෝව පොලීසිය...
Read More »

Dec 27

2023 වසර සඳහා උතුරු කොරියාව නව මිලිටරි ඉලක්ක එළි දක්වයි  

0 comments

2023 වසර සඳහා උතුරු කොරියාව නව මිලිටරි ඉලක්ක එළි දක්වා තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජෝන් උන් ඊයේ පැවති පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කළා. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය හමුදා සඳහා නව ඉලක්ක එළි දැක්වු බවත් ලබන වසරේ දී අවි අත්හදා බැලීම් සහ කලාපයේ ගැටුම් පිළිබඳව වැඩිදුරටත් සලකා බලන බවයි. එමෙන්ම බටහිර රටවල ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳව ද උතුරු කොරියා නායකයා උපදෙස් ලබා දී තිබෙනවා. කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂාව...
Read More »

Dec 27

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌවට සිහින් වැසි වාර කිහිපයක්  

0 comments

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා...
Read More »

Dec 27

පිලිපීනයේ ගංවතුරෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පිලිපීනයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අධික වර්ෂාපතනය හේතුවෙන් හට ගත් ගංවතුර තත්ත්වයත් සමග පිලිපීනයේ ස්ථාන රැසකට බලපෑම් එල්ල වුණා. මේ හේතුවෙන් පුද්ගලයින් හතළිස් පන්දහසක් පමණ අවතැන් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් විසිතුන් දෙනෙකු මේ වන විට අතුරුදන් වී තිබෙනවා. ප්‍රදේශ රැසකට විදුලියද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ස්ථානවල නායයාම් ද වාර්තා වුණා.     The...
Read More »

Dec 27

ජපානයට බලපෑ අධික හිමපතනයෙන් 17දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජපානයේ අධික හිම පතනයත් සමඟ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මියගිය පිරිස අතරින් බහුතරයක් තම නිවාසයන්හි වහල මත රැදී තිබෙන හිම ඉවත් කිරීමට යාමේදී ඉන් ඇදවැටීමෙනුයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ජපානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් නිවාස සිය ගණනකට විදුලිබලය ඇණහිට ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර...
Read More »

Dec 27

නේපාල අගමැති ධුරය තෙවැනි වරටත් ‘ප්‍රචණ්ඩා’ට  

0 comments

68 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය පුෂ්පා ඩහල් ප්‍රචණ්ඩා තුන්වන වරටත් නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත්කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ පී ෂර්මා ඔලීගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි නව අග්‍රාමාත්‍යවරයාව තෝරාගෙන ඇත්තේ. නේපාල ජනාධිපති බිඩ්යා දේවි බහන්දාරි නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගන්නා ලෙස එරට පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර නේපාල ව්‍යවස්ථාව අනුව පුෂ්පා ඩහල් ප්‍රචණ්ඩා ඊයේ පස්වරුවේ ධුරයේ දිවුරුම් දුන්නා. කේ පී ෂර්මා ඔලී හා...
Read More »

Dec 27

චීනය හමුදා ආක්‍රමණයකට සූදානම් වන බවට තායිවානයෙන් චෝදනා  

0 comments

චීනය හමුදා ආක්‍රමණයකට සූදානම් වන බවට තායිවානය චෝදනා කරනවා. තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශයේ දත්තවලට අනුව චීනය තායිවානය අවට මුහුදේ සහ අහසේ ක්‍රියාකාරකම් වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරක ජෙට් යානා හා ඩ්‍රෝන යානා ඇතුළු චීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 71 ක් තායිවාන ගුවන් ආරක්ෂක හදුනා ගැනීමේ කලාපයට ඇතුළුවී ඇති බව එහි සදහන්. තායිවානය ස්වයං පාලන රාජ්‍යයක් ලෙස ක්‍රියා කළද චීනය පවසන්නේ එය ඔවුන්ට අයත් බවයි. එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ...
Read More »

Dec 26

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි  

0 comments

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු ඇමෙරිකාව බලා පිටව ගොස් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ,  පුතු දමින්ද මනෝජ් රාජපක්ෂ,  ලේලිය එස් ඩී රාජපක්ෂ හා මිණිබිරිය වන ඩීඑස් රාජපක්ෂ යන අය මෙසේ කටුනායක ගුවන් තොටුපලින් පිටව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 දරණ යානයෙන් පිටව ගිය මෙම පිරිස ඩුබායි වෙත ගොස් ඉන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත...
Read More »

Dec 26

හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 56 ක්  

0 comments

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ ප්‍රදේශයේ තත්ත්වය යුද කලාපයකට සමාන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කරනවා. අධික හිම පතනය හේතුවෙන් එම ප්‍රදේශයේ පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 28 ක්. ඇතැම් ප්‍රදේශයන්හි අඩි 4ට වඩා උසකට හිමපතනය වී ඇති බව ද වාර්තා වනවා. අධික හිමපතනය හා ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ මෙන්ම කැනඩාවේ මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 56 ක් ලෙසයි සටහන් වන්නේ. ආපදාවට පත්වූ පිරිසට සහන සැලසීම සදහා එම ස්ථානකරා ළගාවීමට නොහැකි...
Read More »

Dec 26

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන්  

0 comments

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට චීන ජාතික සෞඛ්‍ය කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 8 වනදා සිට මෙම නීතිය බලපැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය 2020 වසරේ සිට චීනයට පැමිණෙන සියලු සංචාරයකයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරනු ලැබුවා. මෙම තීරණයට හේතුවී ඇත්තේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැඩි වූවද එහි බලය අඩුවී ඇති බවත් මෙය සාමාන්‍ය ස්වසන ආසාදනයක් දක්වා පරිවර්තනය වී ඇති බවත් චීනයේ...
Read More »

Dec 26

රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

0 comments

රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියාව සදහන් කරන්නේ. රුසියානු  ගුවන් ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානය බිම හෙළා ඇති නමුත් එහි සුන්බුන් වැටීමෙන් මෙම ජීවිත හානි සිදු ව තිබෙනවා. කෙසේවෙතත් යුක්රේන හමුදාව එම ප්‍රහාර පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා නැහැ. මීට පෙරද යුක්රේනය සිදුකල මෙවැනි ප්‍රහාරයන් සම්බන්ධයෙන් රුසියාව චෝදනා එල්ල කර තිබෙනවා.   The...
Read More »

Dec 26

රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම්  

0 comments

රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් පවසනවා. යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට රුසියාව සුදානම් වූවද කියෙව් සහ ඔවුන්ගේ බටහිර ආධාරකරුවන් සාකච්ඡාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරනවා. රුසියාව පසුගිය පෙබරවාරි 24 වනදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ දරුණුතම යුරෝපීය ගැටුම...
Read More »

Dec 26

අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ  

0 comments

අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ඇතුලු ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය ගමන් වාර තුනක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. කොළඹ,  බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර තිබෙනවා. බදුල්ල කොළඹ විශේෂ නත්තල් දුම්රියද අවලංගු කර ඇති අතර නානුඔයෙන් ඉහළට දුම්රිය ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ පස්කදු කඩා වැටීම් ඇතුලු මාර්ග අවහිර වීම හේතුවෙන්. The post අයහපත් කාලගුණය...
Read More »

Dec 25

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක්  

0 comments

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර එකොළහක සිරදඩුවම් නියම කර තිබෙනවා. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමී එරෙහිව අපරාධ හා මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ එරට අපරාධ අධිකරණයේ නඩු පවරා තිබුණා. එම චෝදනාවලට ඔහු වරදකරුවීම හේතුවෙනුයි වසර 11ක සිරදඩුවම් නියම කෙරුණේ. ඊට අමතරව ඇමෙරිකා ඩොලර් මිලියන 5ක දඩමුදලක් ද නියමකර තිබෙනවා. කෙසේ වුවද එම සියලු චෝදනාවලට ඔහු වරදකරු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ. රජයේ මුදල් අවභාවිතා...
Read More »

Dec 25

තාවකාලිකව නතර වූ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට යළි ඇරඹේ  

0 comments

පවතින ආර්ථික තත්ත්වය තුළ තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එමෙන්ම පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකිව සිටින පාසල් ළමුන් සඳහා උපකරණ ලබදීමේ වැඩපිළිවෙලක් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ගේ පෝෂණ තත්ත්වය නැංවීමට පළාත් පාලන ආයතන මගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව...
Read More »

Dec 25

හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 38 දක්වා ඉහළට  

0 comments

ඇමෙරිකාවට හා කැනඩාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ ප්‍රදේශය හිම කුණාටුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අතර එම ප්‍රදේශයේ පමණක් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කැනඩාවේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන්. මිලියන 1.7කට පමණ විදුලි බලය නොමැති අතර ගුවන් ගමන් වාර දහස් ගණනක් අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන...
Read More »

Dec 25

ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට ඔස්ට්‍රේලියාවේ තානාපති ධූරයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිම්බාබ්වේ තානාපතිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මිනෝලි පෙරේරා මහත්මිය පත්කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේ මෙවැනි පත්වීමක් ලද ප්‍රථම අවස්ථාව මෙය වනවා. මෙම නව පත්කිරීමත් සමග ඇය ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියානු රජයෙන් පත්වීමක් ලද ප්‍රථම ඕස්ට්‍රේලියානු තානාපතිනිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඒ මහත්මිය කොංගෝ,  මාලාවි සහ සැම්බියා යන රාජ්‍ය වල තානපතිවරිය ලෙසද කටයුතු කිරීමට ද නියමිතයි....
Read More »

Dec 25

විශ්වයේ නවතම ඡායාරූප එකතුවක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත්කරයි  

0 comments

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ නවතම ඡායාරූප එකතුවක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත්කර තිබෙනවා. පසුගිය වසරේ නත්තල් දින ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කෙරුණු අතර එහි සැමරුමක් ලෙසයි ඡායාරූප එකතුව නිකුත් කෙරුණේ. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය හා සැසදීමේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් ඡායාරූප සංසන්ධනය කිරීමේ දී ඉතාමත් පැහැදිලි ඡායාරූප ලෙස දක්නට ලැබෙනවා. ඇමෙරිකා ඩොලර් බිලියන 10 ක වටිනාකමකින් යුතු මෙම...
Read More »

Dec 25

ඉන්දීය නිළි ටුනීෂා ෂර්මා සියදිවි නසාගනී  

0 comments

ඉන්දියාවේ නව යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක වන ටුනීෂා ෂර්මා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. විසි හැවිරිදී ටුනීෂා ෂර්මා ටෙලි නාට්‍යක රූගත් කිරීමක් අතරතුර ලැබුණු විවේක කාලයේදී නාන කාමරය තුළ ඇය ගෙල වැළලාගෙන සිටියදී හමුව තිබෙනවා. ඇයව වහාම රෝහල් ගත කළ ද රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව මාධ්‍ය වාර්තා කළා. ටුනීෂාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව ඇය සමඟ එම ටෙලිනාට්‍යයේ රංගනයේ යෙදුනු ෂීසන් මොහොමඩ් ඛාන්ව අත්අඩංගුවට...
Read More »

Dec 25

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරතවීම තහනම් කරයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරතවීම ද තලේබාන් සංවිධානය තහනම් කර තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරත ඇෆ්ගනිස්ථාන කාන්තාවන් හිජාබය නොපැළදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තලේබාන් සංවිධානය නිවේදනය කරන්නේ. කෙසේ වුවද තලේබාන් සංවිධානයේ නියෝගය මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව ජගත් සංවිධානය පවසනවා. මේ ආකාරයටම පසුගිය සතියේ දී එරට සිසුවියන්ට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය...
Read More »

Dec 24

ඇමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අධික හිම පතනය හා ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ මෙන්ම කැනඩාවේ මිලියන 250 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මේ වනවිට ඇමෙරිකාවට හා කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මිලියන 1.5 කට අධික පිරිසකට විදුලිබලය අහිමිවී ඇති අතර ගුවන් ගමන්වාර දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මිනසෝටා , අයෝවා , විස්කොන්සින් , මිචිගන් , බෆලෝ හා නිව්යෝර්ක් යන නගරවල දෘෂ්‍යතාව...
Read More »

Dec 24

කොරෝනා යළි හිස ඔසවයි  

0 comments

ගතවු පැය 24ට ජපානයේ හමුවු කොරෝනා වෛරස ආසාධිතයින් එක්ලක්ෂ හැත්තෑහත්දහස් හයසිය හැටදෙකත් සමඟ එරට සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව දෙකෝටි අසූඑක්ලක්ෂය ඉක්මවා ගියා. ඊයේ දිනයේදි ලොව පුරා රටවල් 228කින් හමුවි ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 783ක්. දකුණු කොරියාවෙන් හැටහයදහසක් , ප්‍රංශයෙන් හතලිස්දහසක් හා හොංකොං රාජ්‍යෙයන් විස්එක්දහසක් ලෙස ඊයේ දිනයේ දි වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත වෛරස...
Read More »

Dec 24

නතත්ල් සමයට නිවෙස් තුළට වී ඉන්න – චීන ජනතාවට බලධාරීන් දැනුම් දෙයි  

0 comments

නතත්ල් සමය තුලදී ද නිවෙස් තුළට වී රැදී සිටින ලෙස චීනයේ ෂැන්හැයි නගරයේ බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා. කෝවිඩ් පාලනය කිරීමේ පියවරක් ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. චීන බලධාරීන් කෝවිඩ් පාලනය කිරීම සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට එරට ජනතාව තුළ අප්‍රසාදයක් ඇති වි තිබෙනවා. මාස ගණනක කාලයක් දැඩි කෝවිඩ් පාලන නීතිවලට යටත්වීම නිසා ජන ජීවිතය මෙන්ම ආර්ථිකයද අවුල් සහගත තත්ත්වයකට පත් වුණා. නත්තල් උත්සවය චීනය තුළ සාම්ප්‍රදායික...
Read More »

Dec 24

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය නව මැතිවරණ නීති කිහිපයක් සම්මත කර ගනී  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය නව මැතිවරණ නීති කිහිපයක් සම්මත කරගෙන තිබෙනවා. සාමකාමී ලෙස බලය හුවමාරු කිරීම පහසු කිරීම  සඳහායි මෙම මැතිවරණ නීති හදුන්වා දී ඇත්තේ. 2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා බලය අත්හැරීමට මැලිකමක් දැක්වීම නිසා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට අවශ්‍ය විධිවිධාන නව නීති මගින් හදුන්වා දී තිබෙනවා. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති...
Read More »

Dec 23

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජීව වැටක්  

0 comments

අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා පර්යේෂණාත්මක ජීව වැටක් ඉදිකිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ආචාර්යවරුන් කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ඩී කලාපයේ බිසෝපුර නෑබඩවැව කොට්ඨාසයේදී මෙම ජීව වැට ඉදිකිරීම සිදු වනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණවේදය අධ්‍යයන අංශයේ ආචාර්ය මන්ඩලයයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේද සහාය ඇතිවයි. ඉන්දියානු විලෝ ශාඛය භාවිතකරමින්...
Read More »

Dec 23

යුක්රේනයේ සිටින රුසියා හමුදාවට වැඩිදුර සේවා සපයන්න – පුටින්  

0 comments

යුක්රේනයේ සිටින රුසියා හමුදා කණ්ඩායම් සදහා වැඩිදුර සේවා සැපයීම සිදු කරන ලෙසට රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සිය හමුදා නායකයන්ට දැනුම් දී තිබෙනවා. රුසියා හමුදා භාරයට ගෙන ඇති යුක්රේන ප්‍රදේශ ගිලිහී නොයෑමට ඉඩ නොතැබිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. යුක්රේන යුද්ධය ඓතිහාසික මොහොතක් ලෙස හදුන්වා දුන් පුටින් බටහිර බලවේගවලට එරෙහිව ක්‍රියාත්මක කරන දැවැන්ත යුද්ධයක් ලෙසද හදුන්වා දී තිබෙනවා. රුසියාවේ ආයුධ නිෂ්පාදනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක...
Read More »

Dec 23

ඇල්පිටියේ‍ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි  

0 comments

ඇල්පිටිය, යක්කටුව මංසන්ධියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. කරන්දෙණිය ජයබිම පදිංචි 26 හැවිරිදි විමේශ් මධුසංක නමැති තරුණයෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙන්නේ. පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැක පළකරන බව කරාපිටිය පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි මෙලෙස...
Read More »

Dec 23

ඇමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති අධික හිම පතනය නිසා මිලියන 200 කට වැඩි ජනතාවකගේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අයහපත් කාලගුණය නිසා මේ වන විට පුද්ගලයන් දොළොස් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. උත්සව සමයේ මෙම තත්ත්වය ඇතිවීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබෙනවා. ලක්ෂ 15 කට වැඩි ජනතාවකට විදුලි බලයද අහිමි වුණා. තවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කැනඩාවටද මෙම අයහපත්...
Read More »

Dec 22

මුහුදේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට  

0 comments

හලාවත තොඩුවාව ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය වයස අවුරුදු 11 ක පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මිය ගියා. මිතුරන් 4 දෙනෙකු සමඟ දිය නාමින් සිටියදී එකවරම සැඩපහරට හසුවී මෙම දරුවා දියඹට ගසාගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව මෙම දරුවා බේරාගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.       The post මුහුදේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Dec 22

පැය 10යේ ලයිට් කැපිල්ල බොරුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි  

0 comments

ඇතැම් වෘත්තීය සමිති පැය 10 ක විදුලි කප්පාදුවක් වන බවට සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ගල් අගුරු ලැබීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව පැය 8 ක් 10 ක් දක්වා දීර්ඝ විය හැකි බවයි ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය සදහන් කළේ. මේ අතර ලංකා ගල්අගුරු සමාගම සදහන් කළේ අවශ්‍ය තරම් ගල් අගුරු මේ වන විට ඇණවුම් කර ඇති බවයි දීර්ඝ විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් වන ප්‍රචාර...
Read More »

Dec 22

ජනපති රාජ්‍ය සේවයේ වගකීම මතක් කර දෙයි  

0 comments

තමා වෙත ලැබෙන ජනතා ගැටලුවලින් සියයට පනහක්ම රාජ්‍ය නිලධාරීන්ට විසදුම් ලබාදිය හැකි ඒවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනතා සේවය ඉටු කිරීමේදී රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා. ජනතා සේවය ඉටු කිරීමේදී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස...
Read More »

Dec 22

ජාතික සත්ත්වෝද්‍යානය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි  

0 comments

සතුන් අපේ මිතුරෝය යන තේමාවෙන් ජාතික සත්ත්වෝද්‍යානය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රදර්ශනය හෙට ආරම්භ වනවා. හෙට සිට 25වනදා දක්වා දින තුනක් මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.  ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වන හෙට දිනයේදී පාසල් දරුවන්ට නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා. පාසල් දරුවන් වෙනුවෙන් විශේෂාංග රාශියක් හෙට දිනයේ ක්‍රියාත්මක වනවා. ප්‍රදර්ශනයේ දෙවන දිනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා  වෙන් වූ දිනයක් වූ අතර...
Read More »

Dec 22

උතුරු කොරියාව රුසියානු කුලී හමුදා කණ්ඩායම්වලට ආයුධ ලබා දෙන බවට ඇමෙරිකාවෙන් චෝදනා  

0 comments

උතුරු කොරියාව රුසියානු කුලී හමුදා කණ්ඩායම්වලට ආයුධ ලබා දෙන බවට ඇමෙරිකාව චෝදනා කරනවා. ධවල මන්දිරය චෝදනා කරන්නේ රුසියානු කුලී හමුදා කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායමට උතුරු කොරියාවෙන් මෙලෙස මිසයිල සහ රොකට් ලබාදීමට කටයුතු කර ඇති බවයි. වැග්නර් කණ්ඩායමේ විසිදහසක් පමණ රුසියාවට පක්ෂපාතීව යුක්රේනයේ මෙහෙයුම්වල නිරත වනවා. ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ මෙම ආයුධ ලබාදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝනය කර ඇති බවයි. ඒ නිසා වැග්නර්...
Read More »

Dec 22

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී 47 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

බස්නාහිර පළාතේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ සිදු කළ වැටලීම්වලදී හතළිස් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් 149 ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීම්වලදී ගංජා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පාසල් සිසුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. මෙම වැටලීම්වලදී මාවා කිලෝග්‍රෑම්...
Read More »

Dec 22

ජගත් ආරක්ෂක කවුන්සිලය මියන්මාරයට එරෙහිව යෝජනාවක් සම්මත කරයි  

0 comments

මියන්මාරයේ ප්‍රචන්ඩ ක්‍රියා වහා අත්හිටවන ලෙස බලකරමින් ජගත් ආරක්ෂක කවුන්සිලය මියන්මාරයට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා. මියන්මාරය ජගත් සංවිධානයට සම්බන්ධවීමෙන් පසු පළමුවරටයි එරටට විරුද්ධව යෝජනාවක් සම්මත කෙරුණේ. එම යෝජනාව හරහා මියන්මාරයේ සාමාන්‍ය වැසියන්ට එරෙහිව ක්‍රියාත්මක ප්‍රචන්ඩ ක්‍රියා වහාම නවත්වන ලෙස යෝජනා කර තිබෙනවා. එරට හිටපු නායක අවුන්ග් සාන් සූ කී ඇතුලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසද එහි සදහන් වනවා. පසුගිය වසරේ...
Read More »

Dec 22

මැලේසියාවට බලපෑ ගංවතුර හේතුවෙන් 5 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

මැලේසියාට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. හත්තෑදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි මැලේසියා බලධාරීන් සදහන් කරන්නේ. පසුගිය දින කිහිපය තුළ එරටට බලපෑ අධික වර්ෂාවත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත්තා. 31000කට අධික පිරිසක් නිවාස ගංවතුරට යට වීම හේතුවෙන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවධානම් ප්‍රදේශවල වාසය කල තවත් හතලිස්දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ඇතැම්...
Read More »

Dec 22

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හත්දහසකට ආසන්න වනවා. එමෙන්ම ඊයේ දිනයේ දි සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 326 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහයලක්ෂ හැත්තෑඅටදහස ඉක්මවා ගියා. හමුවි ඇති සමස්ත වෛරස කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැටපන්කෝටි අනුහයලක්ෂ පනස්දහසකට අධිකයි. The...
Read More »

Dec 22

ගජමුතු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

මිළ අධික දුර්ලබ ගජමුතු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර පරන ගාමන්ට් පාර කාර්මික ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම ගජමුතු සොයා ගෙන තිබුණා. සැකකරු ඉලුක්පිටිය බටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදේශ රටක නිෂ්පාදිත ගිණිඅවියක් සමග අපරාධයක් සැලසුම් කල සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙණවා. නැගෙනහිර දික්ලන්ද මැල්ලවගෙදර ප්‍රදේශයේ දි සැකකරුවෙකු අත්අඩගුංවට...
Read More »

Dec 21

යුක්රේනය තනි නොකරන බව බයිඩන් කියයි  

0 comments

ඇමෙරිකාව කිසිවිටෙකත් යුක්රේනය තනි නොකරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. යුක්රේන ජනාධිපති වොල්දෝමියර් සෙලෙන්ස්කි ධවල මන්දිරයේදි හමුවු අවස්ථාවේදි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ. පසුගිය පෙබරවාරි මාසයේ දි රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරිමෙන් පසු පළමුවරටයි යුක්රේන ජනාධිපතිවරයා විදෙස් සංචාරයක නිරතවන්නේ. සංචාරය අතරතුරදි දෙපාර්ශය අතර සාකච්ඡා පැවති අතර ඇමෙරිකා ඩොලර් බිලියන දෙකක නව ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාධිපතිවරයා...
Read More »

Dec 21

කොරෝනා ආසාදිතයින්ගෙන් චීනයේ රෝහල් පිරී යයි  

0 comments

කොරෝනා වයිරස ආසාදිතයින්ගෙන් චීනයේ රෝහල් පිරීයාමෙන් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. දෛනිකව වාර්තාවන ආසාදිතයින් හා මරණසංඛ්‍යාව  ඉතා පහළ අගයක් ගන්නා බවට චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද එරට රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සති කිහිපයකට පසුව ඊයේ දිනයේ කොරෝනා මරණ 05 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ ද චීන සෞඛ්‍ය අංශ ඒ පිළිබද නිල නිවේදනයක් නිකුත් කර නැහැ. 2020 වසරේ...
Read More »

Dec 21

ජෝ බයිඩන් හමුවීමට සෙලෙන්ස්කි වොෂින්ටනයට යාමට සූදානම්  

0 comments

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි වොෂින්ටනයට යාමට සූදානම් වනවා. ඒ ඇමෙරිකා ජනපතිවරයා මුණගැසීමේ අරමුණෙන්. පසුගිය පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රම‍ණයෙන් පසු සෙලෙන්ස්කි විදෙස් සංචාරයක නිරතවන පළමු අවස්ථාව ද මෙයයි. ඔහු ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය ඇමතීමේ සූදානමක් ද පවතින බවට වාර්තා වනවා. මේ වනවිටත් ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ඊට සහභාගි වන්නැයි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට ලිපි යවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මීට පෙර යුක්රේන ජනාධිපති...
Read More »

Dec 21

පැය 10 ක විදුලි කප්පාදුවක් ගැන විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍යයි  

0 comments

පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේ. දෙසැම්බර් 24, 25, 31 සහ ජනවාරි පළමුවනදා විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා පැවසුවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ. ඒ පිළිබද සවිස්තර...
Read More »

Dec 21

සුදුස්සෙක් සොයාගත්තොත් ට්විටර් CEO තනතුරෙන් ඉල්ලා අස්වෙනවා – ඉලොන් මස්ක්  

0 comments

ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙක් සොයාගැනීමට හැකි වුවහොත් තමන් ට්විටර් සමාගමේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉලොන් මස්ක් පවසනවා. පසුගියදා ට්විටර් සමාගම මිලදී ගැනීමට ඉලොන් මස්ක් කටයුතු කළ අතර ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කරමින් සිටිනවා. ඉන් ඉවත්විය යුතුද යන්න පිළිබද මත විමසුමක් ද මස්ක් සිදුකළා. ඒ ට්විටර් පරිශීලකයින් යොදා ගනිමින්. එහිදී සියයට 57.5 ක් ඉලොන් මස්ක් තම තනතුරෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර තිබුණා. එමෙන්ම ට්විටර්...
Read More »

Dec 21

ඇමෙරිකා ධනවතුන් රැගත් “ඕෂන් ඔඩිසි” ත්‍රි’මලය වරායෙන් කාම්බෝජය බලා පිටත්ව යයි  

0 comments

මෙරට සංචාරක ක්ෂේත්‍රයට විශේෂ දායකත්වයක් දෙමින් ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඕෂන් ඔඩිසි නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් කාම්බෝජය බලා අද පිටත්ව ගියා. ඕෂන් ඔඩිසි නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වූයේ පසුගිය ඉරිදා දිනයේයි. ඇමෙරිකා සමාගමකට අයත් ඕෂන් ඔඩිසි නෞකාව දිගින් මීටර් 105 ක් සහ පළලින් මීටර් 18.5 කින් යුක්තයි. කොරෝනා මෙන්ම ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු රැසක් හමුවේ පසුබෑමට ලක්ව ඇති සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මෙම...
Read More »

Dec 20

තලේබානුවන් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්වවිද්‍යාලත් තහනම් කරයි  

0 comments

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමට තලේබාන් පාලනය කටයුතු කර තිබෙනවා. එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. විධිමත් අධ්‍යාපනය සදහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය මේ අනුව තවදුරටත් සීමා වනු ඇති. මීට මාස තුනකට පෙර ඇෆ්ගන් කාන්තාවන් දහස් ගණනක් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගවට පෙනී සිටියා. එහෙත් වෛද්‍ය, ඉන්ජිනේරු හා ආර්ථික විද්‍යා ක්ෂේත්‍රවලට සීමා පනවා තිබුණා.       The post තලේබානුවන් ඇෆ්ගනිස්තාන...
Read More »

Dec 20

2023 දී බ්‍රිතාන්‍යය වාර්තාගත රත්වීමක් වෙන ලකුණු  

0 comments

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා. එළඹෙන වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා. උෂ්ණත්වයේ සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ ගිය 10 වන වසර බවට එළඹෙන වසර පත්වනු ඇති බවටයි හෙළිව ඇත්තේ. පරිසරය සිසිල් වීමට බලපාන ලා නීනා තත්ත්වය බ්‍රිතාන්‍යයෙන් බැහැරට යමින් පවතින බව කාලගුණ අංශ සදහන්කරනවා. එමෙන්ම...
Read More »

Dec 20

ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කරයි  

0 comments

බලශක්ති අර්බුදය හමුවේ ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමයට අයත් රටවල් 27 ක් ගෑස් මිල පාලනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් යුරෝපයට ගෑස් සැපයීම පාලනය කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග යුරෝපයේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එම තත්ත්වය පාලනය කිරීමටයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ. මෙම මිල පාලනය ලබන වසරේ පෙබරවාරි 15 වන දින සිට ක්‍රියාත්මක...
Read More »

Dec 20

යුක්රේනය බෙලරුස් දේශ සීමාවේ ආරක්ෂාව දැඩි කරයි  

0 comments

යුක්රේනය බෙලරුස් දේශ සීමාවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. යුක්රේන බෙලරුස් දේශසීමාව ආසන්නයට තම ප්‍රහාරක සන්නාහ සන්නද්ධ රථ හා යුද ටැංකි ස්ථානගත කිරීමට කටයුතු කරන බවයි යූක්රේන රජයේ අමාත්‍යවරයෙක් සදහන් කර ඇත්තේ. බෙලරුසය හරහා රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සදහන්. එමෙන්ම රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ද මෙම...
Read More »

Dec 19

චීනයේ 60% කට යළි කොරෝනා ආසාදනය වන බවට අනතුරු ඇඟවීමක්  

0 comments

ඉදිරි දින 90 ක කාලය තුළ චීන වැසියන්ගෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයකට කොරෝනා වයිරසය ආසාදනය වනු ඇති බවට ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය අනතුරු අඟවනවා. නිල දත්ත වාර්තා පල නොවූවද චීනයේ කොරෝනා වයිරසය ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය සදහන් කරන්නේ. එරට රොහල්වල දැඩිසත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ඇති බවද වාර්තා වනවා. ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එක් ආසාදිතයෙකු හමු වුවද එම ප්‍රදේශය වසා දැමීමට චීන රජය කටයුතු...
Read More »

Dec 19

රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 2ක මුදලක් පරිත්‍යාගයක්  

0 comments

ශ්‍රී ලංකා වරාය අධිකාරිය,  ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සදහා රුපියල් බිලියන 2ක මුදලක් භාරදී තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද පස්වරුවේ සිදුකෙරුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියනයක්,  ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියක 500 ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල්...
Read More »

Dec 19

බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක විරෝධතා  

0 comments

යුරෝපා සංගමයට අයත් රටවල ජීවන වියදම ඉහළ යාමට විරෝධය දක්වමින් විශාල පිරිසක් බ්‍රසල්ස් නුවර දී විරෝධතාවක් පළකළා. බෙල්ජියම සහ යුරෝපා සංගමයට අයත් රටවල් රැසක පවතින ඉහල උද්ධමනය, බලශක්ති මිල ඉහළ යාම සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා. බෙල්ජියම් අගනුවරට විරෝධතාකරුවන් දහසය දහසකට වැඩි පිරිසක් එක් ව සිටිනවා. බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක මෙම විරෝධතාව ක්‍රියාත්මකයි. ඇතැම් වෘත්තිය සමිති ද මෙම විරෝධතා සඳහා එක්ව සිටිනවා....
Read More »

Dec 19

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට  

0 comments

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූවේ ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල්. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදීයි පැවැත්වුණේ. රටවල් 63ක තරඟකරුවන් මේ සඳහා එක්ව සිටියා. 2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවුණා.       The post ලෝක විවාහක රූ රැජින කිරුළ...
Read More »

Dec 19

තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක  

0 comments

තායිලන්තයේ නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සියයකට අධික නාවික භටයින් පිරිසක් එහි සිට ඇති බවයි සැක පළකරන්නේ. තායිලන්ත නාවික හමුදාවට අයත් මෙම නෞකාව ඊයේ රාත්‍රියේ දී තායිලන්ත මුහුදු සීමාවේ දී ඇතිවූ කුණාටුවකට හසුවී පෙරලී තිබෙනවා. එච් ටී එම් ඒ එස් සුකොටයි නෞකාව ගිලී යාමෙන් පසු එහි සිටි නාවිකයින් 78 දෙනෙකු බේරාගෙන ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර බේරාගත්...
Read More »

Dec 18

ගුවන් යානයක් දැඩි සෙලවීමකට ලක්වීමෙන් 36 දෙනෙකුට තුවාලයි  

0 comments

හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් උඩුගුවනේ දී එක්වරම දැඩි සෙලවීමකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ෆීනික්ස් සිට හොනලුලු  දක්වා ගමන් කරමින් තිබු ගුවන් යානකුයි මෙම අනතුරට ලක්වුණේ. මෙම ගුවන් යානය හොනලුලු වෙත ගොඩ බෑමට මිනිත්තු 30ක් පමණ තිබිය දී ඉහළ අහසේ දී එක්වරම දැඩි සෙලවීමකට ලක්ව තිබෙනවා. තුවාල ලැබු මඟීන් 11 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. ගුවන් යානයේ සිටි මඟීන් වැඩි දෙනෙකුගේ හිසට...
Read More »

Dec 18

ඇෆ්ගනිස්තානයේ උමං මාර්ගයක ඇති වු ගින්නකින් 19 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්තානයේ උමං මාර්ගයක ඇති වු ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ සලන්ග් උමං මාර්ගයේ ගමන් කරමින් තිබු ඉන්ධන බවුසරයක් පෙරලී යාමෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා. එම උමං මාර්ගයේ තිබු වාහන රැසක්ද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් තිස්දෙදෙනෙකු පමණ බරපතළ තුවාල ලබ‌ා රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මියගොස් ඇති පිරිස සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි...
Read More »

Dec 18

පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් කරන්නේ නැහැ  

0 comments

පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන් කළේ පංජාබ් අගනුවර ලාහුරේ පැවති රැස්වීමක් අතරතුරයි. පාකිස්තානය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇති වු තත්ත්ව‍ය මෙන් අරගලකාරී තත්ත්වයක් අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.       The post පාකිස්තානය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට පත් කරන්නේ...
Read More »

Dec 18

නිව්යොක් ප්‍රාන්තයේ කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි  

0 comments

ඇමෙරිකාවේ නිව්යොක් ප්‍රාන්තයේ කංසා නිත්‍යානූකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර 150ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. නිව්යොක් ප්‍රාන්තයේ කංසා නීති ගත කර වසරක කාලසීමාවකට පසුවයි මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම නීතිගත කිරීම තුළින් ලබන වසරේ මුල් භාගයේ දි කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3ක් අපේක්ෂා කරන බව ද සඳහන්. The post නිව්යොක් ප්‍රාන්තයේ කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි appeared first on ITN Ne...
Read More »

Dec 18

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඉරාකයේ කීර්කුක් නගරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බලපතර අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි හදුනාගෙන ඇත්තේ. කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම කිසිඳු සංවිධානයක් බාර ගෙන නැහැ. නමුත් මෙම ප්‍රදේශය අයි එස් අයි එස් සටන්කාමීන් ක්‍රියාකාරීව...
Read More »

Dec 18

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා ඇති බව දකුණු කොරියානු හමුදාව පවසනවා. උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපයේ නැගනෙහිර වෙරළට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයට මෙම බැලැස්ටික් මිසයිල දෙක එල්ල කර ඇති බව සඳහන්. දකුණු කොරියාව සහ ජපාන බලධාරීන්ට අනුව උතුරු කොරියාව මෙලෙස මිසයිල අත්හදා බැලීමක් කළ 35 වන දිනය මෙය වනවා. මෙම මිසයිල සැතපුම් 311 දුරක් පියාසර කර ඇති බවයි ජපානය පවසන්නේ. කෙසේවෙතත් මේවා දිගුදුර මිසයිල නොවන බවයි ඔවුන් වැඩිදුරටත්...
Read More »

Dec 17

පුටින් සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක්  

0 comments

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සිය හමුදා ප්‍රධානීන් හමුවී තිබෙනවා. යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ප්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙනවා. එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් දැඩී පිඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. රුසියාවේ මීළඟ පියවර සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවේදි...
Read More »

Dec 17

දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි වෙරළ තීරය සර්ෆින් ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධව පවතිනවා. එම වෙරළ තීරයට එක්වරම ඉතා දැඩි ලෙස පැමිණි රළ හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. එම අවස්තාවේ සිටි සර්ෆින් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා. පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා...
Read More »

Dec 17

මෙම වසර තුළ ගෝලීය වශයෙන් උපරිම ආදායමක් ලැබූ පුද්ගලයා බවට ගෞතම් අදානි පත්වෙයි  

0 comments

ගෞතම් අදානි මේ වසර තුළ ගෝලීය වශයෙන් උපරිම ආදායමක් ලැබූ පුද්ගලයා බවට පත්ව තිබෙනවා. බ්ලූම් බර්ග් වර්තා අනුව ඉන්දියාවේ ගෞතම් අදානි ලොව තුන්වන ධනවත්ම පුද්ගලයා බවත් මේ වසර තුළ පුද්ගලික ධනය වැඩිවීම තුළින් ප්‍රථමයා බවත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඔහුගේ පුද්ගලික ධනය වැඩිවීම ඩොලර් බිලියන 49ක්. මේ තුළින් ඔහු බ්ල්ගේට්ස් ට සහ වොරන් බෆට් යන ධනපතියන්ගේ ආදායම මේ වසර තුළ ඉක්මවා ගොස් තිබෙනවා. 60 හැවිරිදි ගෞතම් අදානි ඉන්දියාවේ කාර්ය බහුලම වරායන්වල...
Read More »

Dec 17

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කරයි  

0 comments

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කිරීමට තීරණය කර තිබෙනවා. ඉදිරි වසර 5ක කාලයතුලදී මෙලෙස ආර්ක්ෂක වැය දෙගුණ කිරීමට යොජිතයි. ජපානය සාමකාමීත්වය මුල්කරගත් රටක් ලෙස දෙවන ලෝක  යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක වනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක වැය සදහා අතිවිශාල මුදලක් වෙන් කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ජපානය තුළ ක්‍රියාත්මක වුනා. ඉදිරි සැලැස්ම යටතේ ජපානය දිගුදුර මිසයිල මිලදී ගැනීමට ද සැලසුම්කර තිබෙනවා.         The post...
Read More »

Dec 16

මැලේසියාවේ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට  

0 comments

මැලේසියාවේ ඊයේ දිනයේ සිදුවූ නාය යෑමෙන් මිය ගිය සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැලේසියාවේ කඳුකර ප්‍රදේශයක තිබූ කඳවුරු භූමියක සිදුවූ නාය යාමකිනුයි මෙම අනතුර සිදුවූයේ. මිය ගිය 21 දෙනාගෙන් 12 දෙනෙකු කාන්තාවන් වන අතර පස් දෙනෙකු ළමුන් වනවා. ගලවා ගැනීමේ සේවකයන් 400ක් පමණ යොදාගෙන තවමත් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. කඳවුරු භූමියේ කළමනාකරුවන් පවසන්නේ ඊයේ දිනයේ ළමුන් 30ක් සහ වැඩිහිටියන් 51ක් මෙහි නවාතැන් සඳහා ලියාපදිංචිව...
Read More »

Dec 16

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 76ක්  

0 comments

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 76ක් එල්ල වී තිබෙනවා. රුසියානු ප්‍රහාරවලින් පසුව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන නගරය වන කර්කිව් නගරයට දැඩි හානියක් සිදුව තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් නගරයට විදුලිය සහ ජල පහසුකම් අහිමි වී තිබෙනවා. යුක්‍රේනය චෝදනා කරන්නේ රුසියාව තම බලශක්ති හා ජල මූලාශ්‍ර ඉලක්ක කරගෙන මෙම මිසයිල ප්‍රහාර එල්ල කරන බවයි. රුසියාව යුක්‍රේනයට එල්ල කර ඇති මිසයිල කෘෘස් මිසයිල බවත් ඊට අමතරව ඩ්‍රෝන ප්‍රහාරයක්ද මේ නගර වෙත එල්ල...
Read More »

Dec 16

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්  

0 comments

රුසියාවෙන් යුක්රේනයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව විසින් යුක්රේනයට මිසයිල 60ක් එල්ල කරමින් ප්‍රහාර දියත් කර ඇති බවයි. මේ අතර ඩ්‍රෝන ප්‍රහාරයක්ද සිදු කර තිබෙනවා. කිව් අගනුවරට උතුරින් හා දකුණින් වු ප්‍රදේශවලටත් කර්සන් හා කර්කිව් ප්‍රදේශවලට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව කර්සන් හා කර්කිව් නගරවල විදුලි සහ ජල සැපයුමට බාධා එල්ල වී ඇති අතර ප්‍රහාරවලින් මේ වන විට දෙදෙනෙකු...
Read More »

Dec 16

කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 6කට බලපෑම්  

0 comments

ඇමෙරිකාවේ ප්‍රාන්ත 6කට බලපා ඇති කුණාටු තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත 6ක විදුලිය ඇනහිට තිබෙනවා. දස දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ලුසියානා ප්‍රාන්තයේ කුණාටු තත්ත්වය හේතුවෙන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇමෙරිකාවෙන් ලැබෙන වාර්තා අනුව විදුලිය ඇනහිටීම හැටදහසක ජනතාවකට බලපා තිබෙනවා. තවත් ප්‍රාන්ත කිහිපයක ජනතාව අධික හිම පතනය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සිට පීඩාවට පත්ව ඇති බව වාර්තා...
Read More »

Dec 16

බ්‍රිතාන්‍ය හෙද වර්ජනය තවදුරටත්  

0 comments

බ්‍රිතාන්‍ය හෙද වර්ජනය තවතමත් ක්‍රියාත්මකයි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම හෙද වර්ජනය තවමත් ක්‍රියාත්මක බව වාර්තා වනවා. එංගලන්තය , වේල්සය සහ උතුරු අයර්ලන්තය පුරා හෙද හෙදියන් දස දහස් ගණනක් වර්ජන ක්‍රියාදාමයකට එළඹ තිබෙනවා. බ්‍රිතාන්‍ය රාජකීය හෙද විද්‍යාලයේ නිලධාරීන් 19%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් තමන්ට ලැබීමට තිබූ වැටුප් වර්ධකය නොලැබීමත් මෙම වර්ජනයට හේතුවූ බව බ්‍රිතාන්‍ය හෙද සංගම් පවසනවා.   The...
Read More »

Dec 15

ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයට  

0 comments

ඇමෙරිකාව ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ධවල මන්දිරයේ නියෝගයකට අනුවයි මෙම ලේඛණ ප්‍රථම වතාවට බාහිර සාමාජයට නිකුත් කෙරුණේ. කෙනඩි ඝාතනය සම්බන්ධව ප්‍රකාශන 13173ක් මෙලෙස අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එක්සත් ජනපද ලේඛණාගාරය පවසන්නේ තවත් ලේඛණ 515ක් විවෘත නොකරන බවයි. 1963 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වු ජෝන් එෆ් කෙනඩි ඝාතනය කලේ කලින් සෝවියට් සංගමයේ ජිවත්වු එක්සත් ජනපද පුරවැසියෙනු වන ලී හාවි ඔස්වල්ඩ්...
Read More »

Dec 15

උතුරු කොරියාව නව ආයුධයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තමන් නව ආයුධයක් සඳහා සාර්ථක අත්හදා බැලීමක් සිදුකළ බව නිවේදනය කර තිබෙනවා. උතුරු කොරියාව මෙලෙස අත්හදා බලා ඇත්තේ අධි තෙරපුම් ඝණ ඉන්ධන මෝටරයක්. න්‍යෂ්ටික අවි සහ මිසයිල වැඩසටහන වේගවත් කිරිම සඳහා මෙම අත්හදා බැලීම කල බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන්ගේ මේ අත්හදා බැලීම වඩාත් ස්ථායී හා අනතුරුවලින් අඩු ඝණ ඉන්ධන මිසයිල සෑදීම සඳහා වැදගත්වන බවයි පැවසෙන්නේ. උතුරු කොරියානු නායකය කිම්ජොන් උන් මෙම අත්හදා බැලීම බලා සිටින...
Read More »

Dec 15

මැලේසියාවේ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි  

0 comments

මැලේසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. මැලේසියාවේ ක්වලාලම්පූර් අග නුවරට උතුරින් වු කඳුකර ප්‍රදේශයක පිහිටි කඳවුරු භූමියකයි මෙම නායයාම සිදු වී තිබෙන්නේ. නායයාම් සිදුවන විට කඳවුරු භූමියේ සියදෙනෙකු පමණ රැඳීසිට තිබෙනවා. සිද්ධියෙන් පසුව දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර 31 දෙදෙනෙකු බේරා ගෙන තිබෙනවා. මේ වන විටත් සිද්ධියෙන් අතුරන්දන් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 51ක්. කඳවුරු භූමියට අඩි...
Read More »

Dec 15

 ඇමෙරිකාවට ප්‍රබල ශීත කුණාටුවකින් බලපෑම්  

0 comments

ඇමෙරිකාවට ප්‍රබල ශීත කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රාන්තවලට ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලුසියානා, මිසසිපි, දකුණු ඩැකෝටා සහ මිනසෝටා ප්‍රාන්ත ඇතුළුව තවත් ප්‍රාන්ත රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මිලියනකට ඉන් බලපෑම් එල්ලවිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා. ප්‍රබල සුළං සහ අධික හිම පතනය හේතුවෙන් ගමනාගමනය අපහසු වී තිබෙනවා. හිම කුණාටු තත්වය...
Read More »

Dec 15

පාරිභෝගික අධිකාරියේ බිත්තර මිලට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ නොවෙයි  

0 comments

පාරිභෝගික සේවා අධිකාරිය බිත්තර සදහා ලබාදී ඇති නව මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයකන්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා. අදාළ නඩුව ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා. පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සදහන් කළේ සුදු බිත්තරයක් සදහා රුපියල් 42 ක් ද රතු බිත්තරයක් සදහා රුපියල් 44 ක් වන උපරිම සිල්ලර...
Read More »

Dec 14

ආරක්ෂාව සලසනතුරුම අධ්‍යයන කටයුතුවල නෑ – පේරාදෙණියේ ඇඳුරන් දැඩි තීරණයක  

0 comments

සිසුන් ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර, විශ්වවිද්‍යාලය මගින් තමන්ගේ ආරක්ෂාව සැලසීමට ක්‍රියාකරන තුරු අධ්‍යයන කටයුතුවලින් තවදුරටත් ඉවත්ව සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරනවා. මෙම ආචාර්යවරුන් දින 5 ක කාලයක් විභාග ඇතුළු අධ්‍යයන කටයුතුවලින් දැනටමත් ඉවත්ව සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පසුගිය 10 වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රහාරයක්...
Read More »

Dec 14

රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉස්තාන්බුල් නගරාධිපතිට සිරදඬුවම්  

0 comments

රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට සිරදඬුවම් නියම කෙරුණා. දේශනයක දී මෙලෙස රාජ්‍ය නිලධාරීන්ට අපහස කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. වසර දෙකහමාරකට වැඩි සිර දඬුවමක් තුර්කි අධිකරණය ඔහුට පනවා තිබෙනවා. එමෙන්ම එක්රම් ඉමාමොග්ලුට දේශපාලන තහනමක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක්රම් ඉමාමොග්ලු ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති එර්ඩෝගන්ගේ ප්‍රතිවාදියෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිතව...
Read More »

Dec 14

කොවිඩ් වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානය  

0 comments

කොවිඩ්  19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම්  පවසනවා. කොවිඩ් 19 වයිරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීයි. වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින්. 2020 වසර වනවිට කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට පත් වුණා. මේ වන විට කොවිඩ් 19 වයිරසය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.6කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ...
Read More »

Dec 14

ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන ස්ටෙෆන් සියදිවි හානි කර ගනී  

0 comments

ලොව පුරා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන ස්ටෙෆන් ට්විච් සියදිවිහානි කර ගත්තා. ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර හෝටල් කාමරයක් තුළ දියි ඔහුගේ වෙඩි වැදුණු සිරුර හමුවී තිබෙන්නේ. මෙය සියදිවිහානි කර ගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු මියයන විට ඔහු 40 වියේ පසු වුණා. සෝ යු තින්ක් යු කැන් ඩාන්ස් හරහා ඔහු  වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටියා. එමෙන්ම එමී සම්මාන සදහා ද වන ස්ටෙෆන් ට්විච් කිහිපවරක්ම නිර්දේශ වුණා.     The post...
Read More »

Dec 14

ලොව පළමුවරට සිදුවූ නව නිවුන් දරු උපතේ දරුවන් මාස 19 කට පසු ගෙදර යයි  

0 comments

ලොව පළමුවරට සිදුවූ නව නිවුන් දරු උපතේ දරුවන් මාස 19 කට පසු රෝහලේ සිට නිවෙස බලා පිටත්ව ගියා. මාලි රාජ්‍යයේ 27 හැවිරිදි හලිමා සිසේ නැමැති කාන්තාවක් මෙම දරුවන්ගේ මව වනවා. පසුගිය වසරේ මැයි මාසයේදී මෙම දරුවන් 9 දෙනා උපත ලැබුවේ මොරොක්කෝවේ දීයි. මාලි රාජ්‍යයේ වෛද්‍ය පහසුකම් අඩු බැවින් ඇය දරු ප්‍රසූතිය සඳහා මොරොක්කොවට ගිය අතර එහිදී සිදුකළ සිසේරියන් සැත්කමකින් එම දරුවන් බිහිකර තිබුණා. ගැහැණු දරුවන් 5 දෙනෙකු හා පිරිමි දරුවන් 4දෙනෙකු ඇය...
Read More »

Dec 14

ඉන්දු-චීන දේශසීමාවේ ගැටුම : ඇමෙරිකාවේ අඛණ්ඩ සහාය ඉන්දියාවට  

0 comments

ඉන්දු චීන දේශසීමාවේ හමුදා භටයින් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඇමෙරිකාව පවසනවා. ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි මේ බව සඳහන් කළේ. එමෙන්ම මෙම තත්වය ඉදිරියේදී වර්ධනය වුවහොත් ඇමෙරිකාවේ අඛණ්ඩ සහාය ඉන්දියාවට ලබාදෙන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා. පසුගිය සිකුරාදා මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට අයත්, ඉන්දු චීන දේශසීමාවේ හමුදා මුරපොළක් ආසන්නයේයි. ඉන් දෙපාර්ශවයේම...
Read More »

Dec 14

මට්ටක්කුළිය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

මට්ටක්කුළිය සාවියා පටුමගේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුළිය සාවියා පටුමග ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයා තියුණු ආයුධවලින් පහර දී පසුගිය 28 වනදා ඝාතනය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් බොරැල්ල හා වැල්ලම්පිටිය...
Read More »

Dec 13

කොංගෝවේ ගංවතුරෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොංගෝ රාජ්‍යයේ අගනුවරට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කොංගෝ රාජ්‍යයේ කිංග්ෂාසා අගනුවර බොහෝ ස්ථාන ජලයෙන් යටවී පවතිනවා. තවත් ප්‍රදේශවල නායයෑම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. කිංග්ෂාසා අගනුවර මිලියන 15 ක පමණ ජනගහනයක් වාසය කරනවා. නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් අගනුවර ජනගහනය මෙසේ ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දේශගුණ විපර්යාස වලදී ජනතාවට දැඩි...
Read More »

Dec 13

දැන් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක් නොවේ  

0 comments

ලොව සුපිරි ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් මෙම වසරේ ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් දත්තවලට අනුව එල්.වී.එම්.එච්. සුඛෝපභෝගී භාණ්ඩ සමූහයේ ප්‍රධාන විධායක බර්නාඩ් ආනෝල්ට් ලොව සුපිරි ධනවතා බවට පත්වුණා. ඊලෝන් මස්ක්ගේ ස්ථානය අහිමි වී ගොස් ඇත්තේ ඔහුගේ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගමේ ඔහුගේ කොටස්වල වටිනාකම අඩුවීම හේතුවෙනුයි. මස්ක් ඇමෙරිකා ඩොලර් බිලියන 178 ක වත්කමකට හිමිකම් කියන අතර  බර්නාඩ්...
Read More »

Dec 13

පේරාදෙණියේ සිද්ධියට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 10 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන සිදුවනවා. සීසීටීවී දර්ශන ඔස්සේ ප්‍රහාරයට පැමිණි ශිෂ්‍යයින් හදුනාගැනීමේ කටයුතු ඊයේ දිනයේත් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රහාරයට සම්බන්ධ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ...
Read More »

Dec 13

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්  

0 comments

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ සංහිදියාව සදහා සාමය පතුරුවන්නන්ගේ සමුළුව අමතමින්. විශ්ව සංහිදියාව සදහා සාමය පතුරුවන්නන්ගේ ජාත්‍යන්තර සමුළුව කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වුනා. එය ලබන 16 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මහර්ෂි අරවින්ද් පදනම සහ එත්නික් පදනම එක්වයි එය සංවිධාන කර ඇත්තේ. සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ්...
Read More »

Dec 13

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළත්. පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් සැකකරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ නිවසක සිටි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී...
Read More »

Dec 13

තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ තලෙයිබාන් සංවිධානය සිදු කළ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකිනුයි එම සිවිල් වැසියන් මිය ගොස් ඇත්තේ. ප්‍රහාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බව පාකිස්ථාන ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පාකිස්ථාන ආරක්ෂක අංශ සිදු කළ ප්‍රතිප්‍රහාරයන් ගෙන්...
Read More »

Dec 12

දේශසීමාවේ රාජකාරියේ නිරතව සිටි ඉන්දීය – චීන යුද සෙබලුන් අතර ගැටුමක්  

0 comments

දේශසීමාවේ රාජකාරියේ නිරතව සිටි ඉන්දීය චීන යුද සෙබලුන් අතර  ගැටුමක් හට ගත් බව ඉන්දියාව නිවේදනය කරනවා. අරුණාචල් ප්‍රදේශ් කදුකර දේශසීමාවේදීයී මෙම ගැටුම් හටගෙන ඇත්තේ. වසරකට වැඩි කාලයකට පසුව දෙපාර්ශ්වය අතර ගැටුම් හටගත් පළමු අවස්ථාව මෙයයි. දෙපාර්ශ්වයේම   යුද සෙබලුන් කිහිප දෙනෙකු ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. චීනය සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිවේදනවක් මේ වන තෙක් නිකුත් නොකළද ඉන්දියාව පවසන්නේ තම සෙබලුන්...
Read More »

Dec 12

රුසියා ජනපති වසර අවසානයේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙම වසරේ දී නොපවත්වයි  

0 comments

රුසියා ජනාධිපතිවරයා වසර අවසානයේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව මෙම වසරේ දී නොපවත්වන බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. කෙසේවෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නොපැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විචාරකයින් පවසන්නේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් රුසියා ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි. දෙදහස වසරේ සිට බලයේ සිටින පුටින් ජනාධිපතිවරයා ඔහුගේ සෑම පාලන...
Read More »

Dec 12

අවුරුදු තුනහමාරේ දරුවා ඝාතනය කළ තරුණයා සියදිවි නසාගනී  

0 comments

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහර දී ගෙල මිරීකා ඝාතනය කළ 21ක් හැවිරිදි පුද්ගලයෙකු ගෙල වළලාගෙන සියදිවි හානි කර තිබෙනවා. මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව ස්වාමියාගෙන් වෙන්ව මෙම පුද්ගලයා සමඟ දිවිගෙවා තිබෙනවා. ඇය වැඩිමහල් දරුවා පාසලට ඇරලවා යළි නිවස වෙත පැමිණෙන අවස්ථාවේ මෙම ඝාතනය සිදු කර ඇති බවයි මුලික පරීක්ෂණවලදි හෙළි වුණේ. ඝාතනය සිදු කිරිමෙන් පසු මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන සියදිවි හානි කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර...
Read More »

Recent News

Gossip Lanka MAG