Dec
22
බස්නාහිර පළාතේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ සිදු කළ වැටලීම්වලදී හතළිස් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් 149 ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීම්වලදී ගංජා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පාසල් සිසුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි.
මෙම වැටලීම්වලදී මාවා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් දෙසිය හැටක් හෙරොයින්ග්‍රෑම් නවයයි මිලිග්‍රෑම් 630 ක් අයිස් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 38 ක් ගංජා ග්‍රෑම් 207 මිලිග්‍රෑම් 590 ක් ද අත්අඩංගුවට ගැනුනා.
The post මත්ද්‍රව්‍ය වැටලීම්වලදී 47 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment