Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්  

Add comments

ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගත්තා.

මෙම භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙන්නේ.

භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් නිකුත් කර ඇති අතර පසුව එය ඉවත් කර තිබෙනවා.

භූකම්පනයේ බලපෑම අසල්වැසි පිලීපිනයට ද දැනි ඇති බවයි වාර්තා වනනේ.

අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පනය මෙය මෙය වන අතර අද උදෑසන ද රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හටගෙන තිබුණා.

කෙසේවුවත් අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

 

The post ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG