Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීල හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා දැමේ  

Add comments

බ්‍රසීල ජනාධිපතිවරයා විසින් එරට හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

බ්‍රසීල හමුදාපති ජුලියෝ සීසර් ඇරූඩා සේවයෙන් පහ කිරීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ උද්ඝෝෂණ ක්‍රියාදාමයන්ට සහාය පල කරන බවට චෝදනා කරමින්. හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් රජයේ ගොඩනැගිලි කිහිපයකට කඩාවැදීම සම්බන්ධයෙන් කිසියම් ආරක්ෂ අංශ සහයක් ඇති බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පසුගිය දා චෝදනා කළා. නව ජනාධිපතිවරයා වශයෙන් ලූලා ද සිල්වා නැවත වරක් පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය දිගින් දිගටම බ්‍රසීලයේ උද්ඝෝෂණ දියත් කළා. මේ හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් ප්‍රමාණය දෙදහස ඉක්මවනවා. හිටපු හමුදා නිලධාරියෙකු වු හිටපු ජනාධිපති බොල්සොනාරෝ සන්නද්ධ හමුදාවන් සමග සමීප සබඳතා පැවැත්වු අයෙක්. බ්‍රසීල නව හමුදාපතිවරයා ලෙස  ජෙනරාල් තොමස් මිගෙල් රුබෙයිලෝ පත් කර තිබෙනවා.

 

 

 

The post බ්‍රසීල හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG