වායු විෂවීමක් හේතුවෙන් ඉරානයේ සිසුවියන් සිය ගණනක් රෝහල් ගතකර තිබෙනවා.
වායු විෂවීමක් හේතුවෙන් ඉරානයේ හමේදාන් නගරය, සංජාන් නගරය, බටහිර අසෙයිබර්ජාන් ප්‍ර දේශය ඇතුළු පළාත් රැසක සිසුවියන් එකම දිනයක් තුළ මෙලෙස අසනීප වී තිබෙනවා. හිසරදය. වමනය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මෙම සිසුවියන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. මාධ්‍ය අදහස් දක්වන සිසුවියන් පවසන්නේ තමන්හට පන්තිකාමර තුළ යම්කිසි ගෑස් ගන්ධයක් දැනුනු බවත් ඉන්පසු හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ බවත්ය. ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම වායු විෂවීමට නිසි හේතුවක් බවමත් සොයා ගැනීමට නොහැකි වූ බවයි.
The post වායු විෂවීමකින් ඉරානයේ සිසුවියන් සිය ගණනක් රෝහල් ගත කෙරේ appeared first on ITN News.
Post a Comment