එක්සත් ජාතීන්ගේ සංවිධානය සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් වූ ඓතිහාසික එකඟතාවකට එළඹ තිබෙනවා.
2030 වසර වනවිට මහ මුහුදෙන් 30%ක් ආරක්ෂිත ප්රදේශ බවට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැය 38ක සාකච්ඡාවකින් අනතුරුව රටවල් රැසක් මෙම එකඟතාවයට කැමැත්ත පළකර තිබෙනවා.
සාගර සංරක්ෂණය සම්බන්දයෙන් අවසන්වරට ගිවිසුමක් අත්සන් කළේ 1982 වසරේදීයි.
සාගර ජීවීන් සම්බන්ධයෙන් එමෙන්ම සාගරය ආශ්රිත පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් 2030 වසර වෙද්දී ආරක්ෂිත පියවර ගැනීම මෙම නව ගිවිසුමේ අරමුණ වනවා.
The post එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික එකඟතාවකට එළඹෙයි appeared first on ITN News.
Post a Comment