ඇමෙරිකාවේ ප්‍රාන්ත 7කට බලපෑ ටොනේඩෝ හේතුවෙන් මේ වනවිට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා සිට ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට ටොනේඩෝ තත්ත්වයන් බලපෑම හේතුවෙන් නිවාස ඇතුළු දේපල රැසකට දැඩි හානි සිදුවුණා. දකුණ සහ මධ්‍යම ඇමෙරිකාව හරහා ගමන් කළ ප්‍රධාන කුණාටු පද්ධතියෙන් අවම වශයෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවටයි ඇමෙරිකා බලධාරීන් සැක කරන්නේ.
තවමත් නිශ්චිත තොරතුරු හෙළිකර ගැනීමට නොහැකි වී තිබෙනවා. ටොනේඩෝ 60කට වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකාවට බලපා ඇති බවටයි එරට කාලගුණ අංශ සදහන් කළේ.
The post ඇමෙරිකාවට බලපෑ දරුණු ටොනේඩෝ තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment