ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ කටයුත්තකට සහභාගිවීම සදහා නිව්යෝර්ක් නගරයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීම සදහායි ඔහු මෙලෙස නිව්යෝර්ක් නගරයට පැමිණ ඇත්තේ. 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියකට සිදුකළ ඇමෙරිකා ඩොලර් 130,000ක ගෙවීමක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කිරීමට නියමිතයි.
නඩුව විභාග කිරීමට නියමිත මෑන් හැටන් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ට්‍රම්ප්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු නිවැරදිකරු බවයි හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සදහන් කරන්නේ.
The post ට්‍රම්ප් නිව්යෝර්ක් නගරයට පැමිණෙයි appeared first on ITN News.
Post a Comment