නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙස ෆින්ලන්තය අද එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතයි.
රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ නේටෝ සංවිධානය ෆින්ලන්තයට සාමාජිකත්වය ලබාදීම විශේෂත්වයක්. ලොව විශාලතම හමුදා එකමුතුව ලෙස ද නේටෝ සංවිධානය සැලකෙනවා. ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට ප්‍රතිචාරයක් ලෙස රුසියාව තම දේශසීමාවන්හි ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා ෆින්ලන්තය සමගම අයදුම් කළ ස්වීඩනයට සාමාජිකත්වය ලබාදීම ඉදිරි කාලයේ දී සිදුවනු ඇති බවයි නේටෝ සංවිධානය නිවේදනය කරන්නේ.
The post නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙස ෆින්ලන්තය අද සාමාජිකත්වය ලබා ගනී appeared first on ITN News.
Post a Comment