නෝර්වේ රාජ්‍යයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය නිසා හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
නෝර්වේ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ හිම කුණාටු සහ හිම කදු කඩා වැටීමේ තත්ත්වය නිසා පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
නෝර්වේ රාජ්‍යයෙන් වාර්තා වන බරපතළම අනතුර වන්නේ නිවසක් හා ගොවිපොළක් හිම කුණාටු තත්ත්වය නිසා මුහුදට ගසාගෙන ගොස් තිබීමයි. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගිය අතර ගොවිපොළේ සිටි එළුවන් 140 දෙනෙකු මියගොස් තිබෙනවා.
හිම කන්දකට යට වීමෙන් තවත් සංචාරකයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්ගේ ජාතිකත්වය තවමත් හදුනාගෙන නැහැ.
The post නෝර්වේ රාජ්‍යයට බලපා ඇති හිම කුණාටු තත්වය නිසා 4 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment