ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බිහාර්හි සසරම් නගරයේයි මෙම බෝම්බ පිපිරීම සිදුව තිබෙන්නේ.
රාම් නවාම් උත්සවය සැමරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපයේම බිහාර්හි පාර්ශ්ව කිහිපයක් අතර ගැටුම් ඇතිව තිබුණා.
ඒ අනුව මේ වනවිට මෙම ගැටුම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම ගැටුම්වලට කිසිදු වර්ගවාදී පසුබිමක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත්ශා බිහාර් ප්‍රාන්තයේ සංචාරයට පැමිණීමට නියමිතව තිබූ අතර බිහාර් ප්‍රාන්තයේ ඇතිව තිබෙන තත්ත්වය නිසා එය අවලංගු කර තිබෙනවා.
The post ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් 5 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment