ඇමෙරිකාවට බලපෑ දරුණු ටොනේඩෝ තත්ත්ව කිහිපයක් හේතුවෙන් ප්රාන්ත රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
21 දෙනෙකු මියගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
ටොනේඩෝ තත්ත්වයෙන් නිවාස ඇතුළු දේපල රැසකට හානි සිදුව තිබෙනවා.
ප්රාන්ත ගණනාවක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර සහන ලබාදීමේ වැඩපිළිවෙළ ද අඛණ්ඩව ක්රියාත්මකයි.
ටොනේඩෝ ඇති වූ ස්ථානවල සිට සැතපුම් 100 ක් පමණ දුරට එහි බලපෑම එල්ල වී ඇති බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.
එමෙන්ම ඇමෙරිකා කාලගුණ ඒජන්සිය සඳහන් කරන්නේ තවත් ප්රදේශ කිහිපයකට ඉදිරියේදීත් සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
The post ඇමෙරිකාවට බලපෑ දරුණු ටොනේඩෝ තත්ත්ව කිහිපයක් හේතුවෙන් ප්රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.
Post a Comment