Apr
19
යේමනයේ ආධාර බෙදා දීමක් අතරතුර ඇති වු ගැටුමකින් 85 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
යේමනයේ සානා අගනුවර පාසලක පැවති රාමදාන් උත්සවයක් වෙනුවෙන් ආධාර බෙදා දීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා.
එහිදීයි මෙම ගැටුම හටගෙන තිබෙන්නේ.
එම ගැටුම්වලින් මිය ගිය 85 දෙනාට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම සංඛ්‍යාව 320 ඉක්මවා ඇති බව එම වාර්තා තවදුරටත් සඳහන් කරනවා.
යේමන ජනතාව යුද ගැටුම් , වර්ගවාදී ගැටුම් සහ දිළිඳුකමින් දැඩි ලෙස පීඩා විදිනවා.
The post යේමනයේ ගැටුමකින් 85 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment