සුවවීමෙන් අනතුරුව ශුද්ධෝත්තම පාප් වහන්සේ අද ප්‍රථමවරට දේව මෙහෙයකට එක්වුණා.
ශ්වසන ආබාධයක් හේතුවෙන් රෝහල් ගතව සිටි ශුද්ධෝත්තම පාප් වහන්සේ දින 3ක ප්රතිකාරවලින් අනතුරුව ඊයේ රෝහලෙන් පිටව ගියා. රෝහලේදී දරුවෙකු භෞතිස්ම කිරීමට ද එක්වූ පාප් වහන්සේ රෝහලෙන් පිටව යන අවස්ථාවේ කියා සිටියේ තමා රෝගී තත්ත්වයට බිය නොවූ බවත් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය.
අප්‍රේල් මාසය පාප් වහන්සේට අතිශයින් කාර්ය බහුල මාසයක් වන අතර අදට යෙදි ඇති පාම් ඉරිදා දේවමෙහෙයට උන්වහන්සේ එක් වන්නේ බොහෝ දෙනාගේ අවදානය මධ්‍යයේයි.
The post පාප් වහන්සේ රෝහලෙන් පිටව ගිය පසු පාම් ඉරිදා දේව මෙහෙයට එක්වෙයි appeared first on ITN News.
Post a Comment