පැපුවා නිව්ගිනියාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 7යි දශම 2ක් බවයි සදහන් වන්නේ. එය කිලෝ මීටර 80ක පමණ ගැඹුරු මුහුදේ සිදුව තිබෙනවා.
ප්‍රදේශ ගණනාවකට එහි කම්පනය දැනී ඇතත් සුනාමි අවධානමක් නොමැති බවයි පැසිපික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය පවසන්නේ. මේ දක්වා සිදු වු ජිවිත හෝ දේපළ හානි පිළිබද තොරතුරු වාර්තා වී නැහැ.
The post පැපුවා නිව්ගිනියාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment