රුසියා ජනපති පුටින්ට සහාය පළ කළ යුද පුවත් වාර්තාකරුවෙකු ඝාතනය කර තිබෙනවා.
රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හි ආපනශාලාවක පැවති උත්සවයක දී සිදුවු පිපිරීමකිනුයි මැක්සින් ෆෝමින් හෙවත් ව්ලැඩ්ලන් ටාටාස්කි නම් මෙම යුද පුවත් වාර්තාකරුවා මිය ගොස් ඇත්තේ. මොහු යුද බිමට පැමිණ රුසියාවට පක්ෂව යුද පුවත් වාර්තාකරණය තම බ්ලෝග් අඩවිය හරහා සිදු කරගෙන ගොස් තිබුණා. මැක්සින් ෆෝමින් වෙත ශාන්ති පීටර්ස් බර්ග් හි පැවති උපහාර පිදීමේ උත්සවයේ දී මෙම පිපිරීම සිදුව ඇති අතර තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. උත්සවය අතරතුර ඔහු වෙත ප්රතිමාවක් තෑගි ලෙස ලබා දී තිබෙනවා. ඒ තුළ බෝම්බයක් අටවා තිබු බටයි රුසියා ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.
The post රුසියාවේ පිපිරීමකින් පුටින්ට සහාය පළ කළ යුද පුවත් වාර්තාකරුවෙකු මරුට appeared first on ITN News.
Post a Comment