මැලේසියාව මරණ දඬුවම සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබෙනවා.
මැලේසියා පාර්ලිමේන්තුව මරණ දණ්ඩනය සම්පූර්ණයෙන් අහෝසි කිරිමට සම්පූර්ණ අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මරණ දණ්ඩනය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මැලේසියා පාර්ලිමේන්තුව කටයුතු කළා.
මරණ දඩුවම වෙනුවට විකල්ප වශයෙන් කසපහර ලබා දීම සහ වසර 30 සිට 40 දක්වා සිරගත කිරීම හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් 2018 වසරේ සිටම මැලේසියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
The post මරණ දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කළ රට appeared first on ITN News.
Post a Comment