තමාට විරුද්ධව එල්ල වී ඇති සියලු චෝදනාවලට නිවැරදිකරු බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන් හැටන් අධිකරණය ඉදිරියේ කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේයි.
2016 වසරේ ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ තිස් දහසක මුදලක් ලබාදීම ඇතුළු චෝදනා 34 ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
නඩුවට සහභාගීවීම සදහා ඔහු නිව්යෝර්ක් නගරයට පැමිණි අතර මෑන්හැටන් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
කෙසේ වුවද තමාට එල්ල වන චෝදනා ඇමෙරිකාව, ලෝකයේ ඉදිරියේ හෑල්ලුවට ලක් කිරිමක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම කිසිදු සාක්ෂියකින් තොරව එල්ල කර ඇති චෝදනා දේශපාලන වුවමනාවන් මත ගොඩනගා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.
2024 වසරේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ලීම සදහා විපක්ෂ කණ්ඩායම් මෙවැනි චෝදනා එල්ල කරන බවයි ඔහු සදහන් කරන්නේ.
නඩු විභාගය අවසන් වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලෝරීඩා බලා පියසර කළ අතර මී ළග නඩු වාරය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
The post ට්‍රම්ප්ට එරෙහි නඩුවේ තතු appeared first on ITN News.
Post a Comment