ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැති කමින් ඇෆ්ගනිස්තානයේ රෝහල් වල ළදරුවන් මිය යන තත්ත්වයක් ඇති ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුන්සෙෆ් පෙන්වා දෙන්නේ දිනකට ඇෆ්ගනිස්තානයේ ළමුන් 167 දෙනෙකු වළක්වාගත හැකි රෝගවලින් මිය යන බවයි.
ළදරු උපත් වලින් ද සැලකිය යුතු පිරිසක් මිය යන බවයි ඇෆ්ගනිස්තාන වාර්තා පෙන්වා දෙන්නේ.
නියුමෝනියාව වැනි රෝග ආසාදනයෙන් බහුතරයක් මිය යන බවට හෙළිව තිබෙනවා.
ගැටුම් හා සන්නද්ධ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් හේතුවෙන් රෝහල් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණවී ඇති අතර උග්‍ර ඖෂධ හිඟයක් ද ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වනවා.
The post ඇෆ්ගනිස්තානයේ රෝහල්වල ළදරුවන් මිය යයි appeared first on ITN News.
Post a Comment