උගන්ඩා හමුදා සොල්දාදුවෙකු ඔහු විසින් ආරක්ෂාව සැපයූ අමාත්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එරට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයායි මෙලෙස කම්පාලා අගනුවර පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ
මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ සොල්දාදුවා අහසට වෙඩි තබමින් අසල්වැසි ප්‍රදේශය පුරා ඇවිද ගිය බවයි.
තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති සොල්දාදුවා ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
The post උගන්ඩාවේ ඇමතිවරයෙකුට ආරක්ෂකයෙකු වෙඩි තබයි appeared first on ITN News.
Post a Comment